විදෙස්

ඉරාන විප්ලවකාරී හමුදාව ඇමෙරිකාව විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරයි

(UTV|ඇමෙරිකාව) – ඉස්ලාමීය විප්ලවයෙන් බිහි වූ ඉරාන  විප්ලවකාරී හමුදා බල ඇණිය ත්‍රස්ත සංවිධානයක් ලෙස  ඊයේ නිළ වශයෙන් නම් කෙරුණි.

ඒ ඇමරිකානු ට්‍රම්ප් පරිපාලනය විසිනි.

විදෙස් වාර්තා පවසන්නේ ඇමරිකාව විසින් වෙනත් රටක හමුදාවක් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළ ප්‍රථම අවස්ථාව මෙය බවයි.

ත්‍රස්තවාදයට අනුබල දෙන බව පවසමින් ට්‍රම්ප් පරිපාලනය මේ වන විටත් ඉරාන විප්ලවකාරී හමුදාව ඉලක්ක කරගෙන පියවර රැසක් ගෙන තිබේ.

ඉරානය, මහබලවතුන් සමඟ ඇති කර ගත් න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට ජනපති ට්‍රම්ප් තීරණය කිරීමෙන් අනතුරුව ඇමරිකාව සහ ඉරානය අතර සබදතා සීග්‍රයෙන් බිද වැටුණි.

ඉදිරියේදී ඔවුන් ඉරාන ආර්ථිකය හා සම්බන්ධ කරුණුවලදී බලපෑම් කිරීමටද හැකියාව පවතින බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.

එසේම ඉරානය සමඟ ගනුදෙනු කරන පාර්ශව වෙත ඇමරිකාව විසින් සම්බාධක පනවනු ඇති බවද ඔවුන් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අවුන් සාං සුචීට වසර හතරක සිර දඬුවමක්

Mohamed Dilsad

ඉන්දුනීසියානු මහ මැතිවරණය ඇරඹේ

Mohamed Dilsad

සඳ මත සිය ජාතික ධජය පිහිටවූ දෙවන රට බවට චීනය පත්වෙවෙයි

Mohamed Dilsad

Leave a Comment