ප්‍රමුඛ පුවත 1

කොරියානු විදේශ ඇමති හෙට දිවයිනට

(උදයම්,කොළඹ)  – ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි 40 වැනි සංවත්සරය සනිටුහන් කිරීමට කොරියානු ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය,  යුන් බියුන්ග්සෙ මහතා නිල සංචාරයක් සඳහා හෙට (15) ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිතය.

ඒ මහතා පැමිණීමෙන් පසු එදිනම අමාත්‍ය යුන් මහතා, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සමඟ ද්විපාර්ශවික සාකච්ජා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

වසර 31 කින්, කොරියානු ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යවරයෙකුගේ ප්‍රථම ශ්‍රි ලංකා සංචාරය මෙය වන්නේය. අවසන් වරට මෙවැනි සංචාරයක් සිදුවූයේ 1986 දී වන අතර, එවකට විදේශ කටයුතු අමාත්‍යවරයා වූ ලී වොන් කියුන්ග් මහතා ශ්‍රි ලංකාවේ නිල සංචාරයක නිරත විය.

යුන් අමාත්‍යවරයාගේ සංචාරය හේතුවෙන් දෙරට අතර පවතින උණුසුම් සබඳතා සහ ද්විපාර්ශවික සහයෝගිතාවය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Related posts

විශ්වාසභංගය නිසා ඇමතිකම් අත්හරී

Mohamed Dilsad

බීමත් රියදුරන් 200 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අද ඌවේ පළාතේ සියලු රෝහල් සහ වෛද්‍යවරුන් වර්ජනයක…

Mohamed Dilsad

Leave a Comment