ප්‍රමුඛ පුවත 1

රුසියානු විප්ලවයේ සියවස් සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

1917 ශ්‍රේෂ්ඨ රුසියානු විප්ලවයේ සියවස් සැමරුම ඊයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ විය.

එය සංවිධාන කර තිබුණේ මෙරට රුසියානු තානාපති කාර්යාලය විසිනි.

”පෙබරවාරියේ සිට ඔක්තොබර් දක්වා රුසියානු විප්ලවයේ උරුමය සහ අද ශ්‍රී ලංකාව” මැයෙන් මෙහි මුඛ්‍ය දේශනය මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා විසින් සිදු කරන ලදී.

සියවස් සැමරුම් උළෙලට සමගාමීව සංවිධානය කෙරුණු ප්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපතිතුමා එක්විය.

මැති ඇමතිවරුන්ද ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ඇතුළු වාමාංශික නායකයින් රැසක් සැමරුම් උළෙලට එක්ව සිටියහ.

Related posts

අනාගතයට සරිලන පරිදි රට සංවර්ධනය කරනවා – සජිත්

Mohamed Dilsad

2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

උ.පෙළ වෘත්තිය විෂය ඇති පාසල් රැසකට මුදල් ආධාර

Mohamed Dilsad

Leave a Comment