ප්‍රමුඛ පුවත 1

පෞද්ගලික බස් රථ සේවක සංගමයේ වර්ජනය ඇරඹේ..

(UTV| කොළඹ)  නව දඩ ක්‍රමයට විරෝධය පළ කරමින් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය වර්ජනයක් ආරම්භ කර තිබේ.

අද (10) දිනයේ ආරම්භ කර ඇති මෙම වර්ජනය සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින අතර මෙම වර්ජනයට සඳහා ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සමිති සම්මේලනය සහ දකුණු පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහය නොදැක්වීමට තීරණය කර තිබෙන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයේ ප්‍රධාන සංවිධායක කුමාරරත්න රේණුක පවසයි.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වර්ජනය අසාර්ථක බවයි.

අමාත්‍ය මණ්ඩලය අනුමත වැටුප් පරිමාණ ලබා නොදීමට විරෝධය පළ කරමින් දුම්රිය රියදුරන්, නියාමක, ස්ථානාධිපති හා දුම්රිය පාලක මෙන්ම අධීක්ෂණ කළමනාකරුවන් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ පැය 48ක වර්ජනය අත්හිටුවා තිබේ.

ඔවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සමඟ ඊයේ (09) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් ජනක ප්‍රනාන්දු කියා සිටියේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩෙංගු උවදුර පැතිර යාමේ අවදානමක්

Mohamed Dilsad

මධූෂ්ව ලංකාවට ගෙන්වා ගැනීම සදහා තිලක් මාරපන ඩුබායි බලා පිටත්වේ

Mohamed Dilsad

මෙරට වන විනාශයේ අඩුවීමක්

Mohamed Dilsad

Leave a Comment