ප්‍රමුඛ පුවත 1

කඩොලාන ශාක කැපු පුද්ගලයින් අටදෙනකු නාවික හමුදා භාරයට

(UTV| කොළඹ) – උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මන්නාරම, වනජිවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මඩු කාර්යාලයට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව වංකාලේ උඩෙඉඅඩි කළපු ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදී කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයින් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ඔවුන් සතුව තිබූ කපන ලද කඩොලාන ශාක කොටස් කිහිපයක් මෙන්ම ශාක කැපීමට යොදා ගන්නා ලද පිහි 02 ක් සහ පොරෝ 02 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 43, 38, 31, 29, 27 සහ 19 ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ කඩොලාන ශාක සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු මන්නාරම, වන සංරක්‍ෂණ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

වෙරළ ඛාදනය වැලැක්විම සඳහා බෙහෙවින් උපකාරිවන මෙම කඩොලාන ශාක පද්ධතිය විනාශ කිරීම සඳහා ඉතා සුළු පිරිසක් කටයුතු කරනු ලබන අතර, එවැනි විනාශකාරි ක්‍රියාවන් වැලැක්විම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.

එමෙන්ම නාවික හමුදාව විසින් කඩොලාන පැල සිටුවිමේ ව්‍යාපෘති රැසක් දිවයිනේ කලපු හා කඩොලාන පරිසර පද්ධතීන් ඇති ප්‍රදේශයන්හි ඉතා සාර්ථකව ක්‍රියාත්මක කර ඇති අතර, විශේෂයෙන් උතුරු, උතුරු මැද, වයඹ සහ ගිණිකොන නාවික ප්‍රදේශ ආශ්‍රිතව මෙම වැඩසටහන සක්‍රීයව මේවන විට ක්‍රියාත්මක වෙමින් පවති. එහි මුලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාවට අයත් වෙරළ තීරය ආරක්‍ෂා කොට සංරක්‍ෂණය කිරීමයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැඳුම්කර වාර්තාව පිළිබඳ ජනපතිගෙන් මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක්

Mohamed Dilsad

බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද

Mohamed Dilsad

O /l සිසුන්ගේ ජාතික හැදුනුම්පත් සැප්තැම්බරයට පෙර – පු.ලි.දෙ

Mohamed Dilsad

Leave a Comment