ප්‍රමුඛ පුවත 1

මොහොමඩ් ෆයිසාර් රිමාන්ඩ් කෙරේ

(UTV| කොළඹ) – මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාර් ලබන 24 වන දා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහු මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.

සැකකරු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

37 හැවිරිදි මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාර්ගෙන් පැය 24ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට ඊයේ(10) අධිකරණය අවසර ලබා දුන්නේ ය.

කොළඹ 10 , මාලිගාවත්තේ පදිංචිකරුවෙක් වන මොහු මනුෂ්‍ය ඝාතන සහ අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු බව පොලීසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාතික ආණ්ඩු යෝජනාව සම්බන්ධ පක්ෂ නායක තීරණය අද.

Mohamed Dilsad

දකුණු පළාත් සභා මන්ත්‍රි ක්‍රිෂාන්ත පුෂ්පකුමාර අත්අඩංගුවට

Mohamed Dilsad

වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment