ප්‍රමුඛ පුවත 1

වෙළදපොළේ ඇති ආනයනික පළතුරු වල තහනම් පලිබෝධ නාශක….

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ දැනට වෙළඳපොලේ පවතින ආනයනික පළතුරු පරීක්ෂා කිරීමේදී තහනම් පලිබෝධ නාශක සංඝටක අඩංගු බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පවසයි.

වෙළඳපොලේ දැනට පවතින ආනයනික පළතුරුවල අඩංගු පලිබෝධනාශක සංඝටක සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සෑම දිස්ත්‍රික්කයකම පරීක්ෂණ සිදුකර ඇති බවත් එම කාරක සභාව පසුගියදා නිකුත් කළ දෙවන වාර්තාවේ දක්වා තිබේ.

මෙම පරීක්ෂා කරන ලද පළතුරුවල පළිබෝධනාශක සංඝටක අන්තර්ගත වී තිබෙන්නේ ඉතා සුළු ප්‍රමාණයකි.

එනමුත් එම පළිබෝධනාශක ශ්‍රී ලංකාවේ තහනම් කර ඇති නිසා සුළු ප්‍රමාණයක් වත් අන්තර්ගත විය නොහැකි බව එම කාරක සභාවේ විශේෂ අවධානය යොමුවී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ (10) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රන් බිස්කට් තොගයක් සමග ඉන්දීය තරුණයෙකු රේගු අත්අඩංගුවට

Mohamed Dilsad

ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනය අදයි- පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩ පිළිවෙලක්

Mohamed Dilsad

වෛද්‍ය එච්.එම්.රාෆීක් මහතාට උපදේශක තනතුරක්

Mohamed Dilsad

Leave a Comment