ප්‍රමුඛ පුවත 1

ලංකා ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වය වාර්තා වේ…

(UTV| කොළඹ) – මේ වන විට දිවයිනට බලපා ඇති අධික උෂ්ණත්ව කාළගුණය සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසා සිටියේ වසර 140 කට පසු වාර්තා වන වැඩි උණුසුම් කාලගුණයක් මේ වනවිට ලංකාවට බලපා ඇති බවයි.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මෙන්ම, එල්නිනෝ තත්ත්වය ද මීට බලපා ඇති බවත් චන්දන ජයරත්න මහතා වැඩිදුරටත්පවසයි.

පසුගිය වසර 30 ට සාපේක්ෂව වයඹ, උතුර, උතුරුමැද පළාත්වල සහ හම්බන්තොට හා මොනරාගල යන දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 03 ත් 04 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත් , දිවයිනේ අනෙකුත් පළාත්වල ද උෂ්ණත්වයේ ඉහළ යාමක් සිදුව ඇති බවත් කාලගුණ විද්‍යා දත්තවල සදහන් වේ.

මේ තත්ත්වය හමුවේ ශරීරය සිසිල්ව තබා ගැනීමට අවධානය යොමු කළ යුතු බවත් ,වැඩිපුර ජලය පානය කරන ලෙසටත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහවැලි ජලාශවල මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමේ වැඩ පිළිවෙළක්

Mohamed Dilsad

ඥානසාර හිමියන්ගෙන් මහාධිකරණයට අභියාචනා පෙත්සමක්

Mohamed Dilsad

නිදහස් පක්ෂයේ අනාගතය පිලිබඳ සිතා බුද්ධිමත් තීරණයක් ගත යුතුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment