ප්‍රමුඛ පුවත 1

ඇමති මංගලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්…

(UTV| කොළඹ) – මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර ඇති බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (11) බොරැල්ල පරිවර්තන කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසයි.

පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභා වාර්තාවෙන් මුදල් අමාත්‍යාංශයට එල්ල කර ඇති චෝදනා සහ සත්‍ය කරුණු වසන් කර ව්‍යාජ අයවැය ලේඛනයක්‌ ඉදිරිපත් කිරීම යන චෝදනා මත මෙම විශ්වාසභංගය ගෙන එන බව එ මහතා කියා සිටියේය.

නොවැම්බර් අයවැය කියෑවීමේ විවාදයට පෙර මෙම මුදල් පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව කී බන්දුල ගුණවර්ධන මහතා ආර්ථික දත්ත සඟවමින් පාර්ලිමේන්තුවට තොරතුරු සපයා ඇති බව, එම වාර්තාවේ සඳහන් කර ඇතැයිද කීය.

අයවැය පිළිබඳ අපක්‍ෂපාතී විග්‍රහයක්‌ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබා ගන්නා ලෙසටද අදාළ වාර්තාවෙන් නිර්දේශ කර ඇතැයි කී මන්ත්‍රීවරයා මේ අනුව පසුගිය කාලයේ සිදුකර තිබෙන්නේ ව්‍යාජ අයවැය ලේඛනයකට අදාළ විවාදයක්‌ බවද කියා සිටියි.

මෙම කරුණු සලකා විෂයභාර ඇමැති මංගල සමරවීර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන එන බවද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගානියා බැනිස්ටර් වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග [VIDEO]

Mohamed Dilsad

මාර්තු 30 සිට අප්‍රේල් 3 දක්වා නිවසේ සිට වැඩ කරන කාල සීමාවක්

Mohamed Dilsad

ත්‍රස්තවාදීන් සමඟ පොඩි හෝ සම්බන්ධයක් ඇතැයි ඔප්පු වුවහොත් මරණ දඬුවම දෙන්න – හිටපු ඇමති රිෂාඩ්

Mohamed Dilsad

Leave a Comment