ප්‍රමුඛ පුවත 1

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතිරේක දොරටු විවෘතයි

(UTV| කොළඹ) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ හඳුනාගත් ස්ථානවල අතිරේක පිටවීමේ දොරටු විවෘත කිරිමට පියවර ගෙන තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ අද සිට ගම්බිම් බලා ගිය ජනතාව නැවත කොළඹට පැමිණීමේදී  ඇතිවිය හැකි වාහන තදබදය අවම කිරීම සඳහා මෙම පියවර ගත් බවයි.

මීට අමතරව පාරිභෝගික ජනතාවගේ පහසුව වෙනුවෙන් අතිරේක කාර්ය මණ්ඩල අනියුක්ත කර ඇති බව අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය.

අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු ආශ්‍රීතව තදබදයක් පවතින්නේ ද යන්න දැනුම්වත් කල් ඇතිව දන ගැනීම සඳහා 1969 ක්ෂණික දුරකථනය අංකයට ඇමතුමක් ලබා දීමෙන් ඒ පිළිබඳ තොරතුරු විමසිය හැකි බවද අධ්‍යක්ෂවරයා පැවසුවේය.

විශේෂයෙන් කඩවත පිටවීමේ දොරටු ආශ්‍රිතව යම් අවහිරතා ඇති වියහැකි බවද ඒ මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අධික වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයට නාය යාමේ අවදානමක්

Mohamed Dilsad

විපක්‍ෂ නායක සමඟ ජවිපෙ සාකච්ඡාවකට සුදානම්

Mohamed Dilsad

ඉන්දීය රිමාන්ඩ් භාරයේ සිටි ලාංකික ධීවරයින් 32කට නිදහස.

Mohamed Dilsad

Leave a Comment