ක්‍රීඩා

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

(UTV| කොළඹ) – එළඹෙන ලෝක කුසලාන එක්දින තරගාවලියට සහභාගී වන සම්පූර්ණ ශ්‍රී ලංකා සංචිතය අද නම් කිරීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ හිටපු නායක ලසිත් මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට පල වන මාධ්‍ය වාර්තා ලසිත් මාලිංග ප්‍රතික්ෂේප කරයි.

ඔහුගේ නමින් පවත්වා ගෙන යන ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් ඔස්සේ මේ බව පල කර තිබුණි.

නමුත් ලසිත් මාලිංග පවසන්නේ මෙවර ලෝක කුසලානය සඳහා සභාගීවිමට ඔහු අපේක්ෂා කරන බවයි.

36 වන වියේ පසුවන තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තවමත් තීරණය ගෙන නොමැති බවලසිත් මාලිංග පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න පත්කිරීම සම්බන්ධයෙන් ඇතිවූ මතභේදයක් මත ඔහු විසින් මෙම තීරණය ගෙන ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා පල කර තිබුනා නමුත් එයද ලසිත් මාලිංග සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුක්ත් ක්‍රිකට් පිත්තක් හදුන්වා දීමට සුදානම්

Mohamed Dilsad

ඇන්ජලෝ සහ ලසිත් හමුවී ක්‍රීඩා ඇමති කියූ දේ..

Mohamed Dilsad

ආසියානු චෙස් ශූරතාවලිය මුල්වරට online ක්‍රමයට

Mohamed Dilsad

Leave a Comment