ප්‍රමුඛ පුවත 1

අද දුම්රිය වෘත්තීය සමීති හා බළධාරීන් අතර විශේෂ සාකච්ඡා හමුවක්.

(UTV| කොළඹ) – දුම්රිය සේවයේ වැටුප් විෂමතා පිළිබද සාකච්ඡා කිරීම සදහා වන විශේෂ සාකච්ඡාවක් දුම්රිය වෘත්තිය සමිති සහ රජය අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට මුදල් අමාත්‍යංශයේදී පැවැත්වෙයි.

මෙම සාකච්ඡාව සඳහා රජය වෙනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග යන මහත්වරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටින බව මුදල් අමාත්‍යාංශය පවසයි.

දුම්රිය ස්ථානාධිපති, රියදුරු, නියාමක, පාලක හා අධීක්ෂණ කළමණාකරුවන් නියෝජනය කරන වෘත්තිය සමිති මෙම සාකච්ඡාව සදහා සහභාගී වී ඇති බවත් පැවසේ.

දුම්රිය සේවයේ වැටුප් විෂමතා පිළීබද ගැටලුවලට විසදුම් නොලැබීම හමුවේ පසුගිය 09 වනදා දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට වෘත්තිය සමිති සූදානමින් සිටි අතර එ සම්බන්ධයෙන් බළධාරින් ලබා දුන් පොරොන්දුවකට අනුව වැටුප් විෂමතා පිළිබඳ අද (18) මෙම සාකච්ඡාව පැවැත්වෙන බව සඳහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීම පිළිබඳව කිසිදු ගැටළුවක් නෑ -ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය

Mohamed Dilsad

පොලිසියේ ප්‍රථම e-සේවාව ඇරඹේ

Mohamed Dilsad

ඡන්ද විමසීම අවසන්

Mohamed Dilsad

Leave a Comment