ප්‍රමුඛ පුවත 1

නල ජලයට වස මිශ්‍ර කර ඇති බවට පැතිරෙන පුවත අසත්‍යයි

(UTV| කොළඹ) – දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පානීය නල ජලයට වස මිශ්‍ර කර ඇති බවට පැතිරෙන කටකතාව සම්පූර්ණයෙන් අසත්‍ය පුවතක් බව පොලීසිය පවසයි.

එවැනි සිදුවීමක් දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් වාර්තා වී නැති බව පොලිසිය සඳහන් කළේය.

මේ අතර දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ජාල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පැවසුවේ ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් දැනුවත් කර ජලය බෙදා හැරෙන ස්ථාන වල ආරක්‍ෂාව තර කර ඇති බවයි.

මෙවැනි අසත්‍ය කටකතාවලට නොරැවටෙන ලෙස ද පොලීසිය සහ රජය ජනතාවගෙන් ඉල්ලා සිටි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් කාර්යාල අන්තර්ජාලයට එක් කිරීමට පියවර

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් 29ගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරේ

Mohamed Dilsad

එස්.බීට සහ ඩිලාන්ට ශ්‍රීලනිපය සුදානම්

Mohamed Dilsad

Leave a Comment