ප්‍රමුඛ පුවත 1

සියලුම දිස්ත්‍රික්කවල ආරක්ෂක කමිටු රැස්කරන ‌ලෙස දිසාපතිවරුන්ට උපදෙස්

(UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව දිස්ත්‍රික් මට්ටමින් ආරක්ෂක කමිටු රැස්කර අවශ්‍ය පියවර ගන්න යැයි සියලු දිසාපතිවරුන්ට උපදෙස් ලබා දෙයි.

ඊයේ දිනයේ දී ම සියලු දිස්ත්‍රික්කවල ආරක්ෂක කමිටු රැස්වී අවශ්‍ය පියවර ගත් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

ඇඳිරිනීය ඉවත් කළ පසු රාජ්‍ය නිලධාරීන් හැකි ලෙස පැමිණ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වෙනවා.

සියලුම ආගමික ස්ථාන, සංචාරක හෝටල් ඇතුළු පොදු ස්ථානවල ආරක්ෂව ගැන විශේෂයේන සොයා බැලීමට ආරක්ෂක කමිටු හරහා අවශ්‍ය පියවර ගනී.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් උපදෙස් අනුව සියලුම දිසාපතිවරුන්ට ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ආරක්ෂක කමිටු කැඳවා වහාම ආරක්ෂාවට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දුන් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ගාල්ල දිස්ත්‍රික් ආරක්ෂක කමිටුව අද (22) උදෑසන රැස්වූ අවස්ථාවේ දී ය.

එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් උපදෙස් අනුව හැකි ඉක්මණින් දිස්ත්‍රික්කයන්හි ආරක්ෂක කමිටු කැඳවා පොලීසිය, ත්‍රිවිධ අහමුදාව සහ දේශපාලන අධිකාරිය වගේම ආගමික නායකයන් සමග එක්ව අවශ්‍ය ආරක්ෂක විධිවිධාන ගන්නා ලෙස සියලුම දිසාපතිවරුන්ට උපදෙස් දුන්නා. ඒ අනුව ඊයේ (21) දිනයේ දී ම සියලුම දිස්ත්‍රික්කයන්හි ආරක්ෂක කමිටු රැස්වී දැනටමත් අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. අද (22) නැවත ආරක්ෂක කමිටු රැස්වනවා. දිස්ත්‍රික් ලේකම්වරු ආරක්ෂක කමිටු කැඳවා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගෙන දැනටමත් වාර්තාවක් සකස් කරලා ලබා දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“සේනා” සුළග මගින් මෙරටට පැමිණ ඇතැයි පර්යේෂණයකින් හෙලිවෙයි…

Mohamed Dilsad

අප්‍රේල් 15 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

Mohamed Dilsad

රූමි මොහොමඩ්ට ඇප ලබාදෙන්න නීතිපති විරුද්ධ වෙයි [UPDATE]

Mohamed Dilsad

Leave a Comment