ප්‍රමුඛ පුවත 1

දෙමටගොඩ ප්‍රහාරයෙන් මිය ගිය පොලිස් නිලධාරීන්ට උසස් වීම්

(UTV| කොළඹ) – ඊයේ (21)  දෙමටගොඩ ගුවන් පාලම අසළ දී නිවසක් පරීක්ෂා කිරීමට යාමේදී සිදුවූ පිපිරීම් 2කින් ජීවිතක්ෂයට පත් වූ පොලිස් නිලධාරීන් තිදෙනාට විශේෂ උසස්වීම් ලබා දීමට පොලිස්පතිවරයා පියවර ගනී.

ඒ අනුව ජීවිතක්ෂයට පත් උප පොලිස් පරීක්ෂක රෝහණ බණ්ඩාර නිලධාරියා පොලිස් පරීක්ෂක තනතුරටත්, පොලිස් කොස්තාපල්වරුන් වන භාතිය රත්නායක බණ්ඩාර හා ලහිරු උමේෂ දුලංජන පොලිස් සැරයන් තනතුරටත් උසස් කර ඇත.

මෙම නිලධාරීන් තිදෙනාම කොළඹ අපරාධ කොට්ධාශයේ රාජකාරි කළ නිලධාරීන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැඩබලන අමාත්‍යවරු කිහිපදෙනක් ජනපති හමුවේ දිව්රුම් දෙයි (UPDATE)

Mohamed Dilsad

කොරෝනා රෝගීන් 1558 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

බේකරි නිෂ්පාදන වල මිල ඉහළ දැමීමේ සුදානමක්

Mohamed Dilsad

Leave a Comment