ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම් වලින් ජීවිත අහිමි වුවන් වෙත ඇමති රිෂාඩ් සිය කණගාටුව පල කරයි

(UTV| කොළඹ) – පසුගිය ඉරුදින කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදුවු බෝම්බ ප්‍රහාර සිද්ධීන් අප තරයේ හෙලා දකිනවා. මෙම අවස්ථාවේ මෙම සිද්ධියෙන් ජීවිත අහිමි වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට හා තුවාල ලැබුවන්ට අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා.

මෙම සිද්ධිය සිදු කළවුන් කවුරුන් වුවත් ඔවුන්ගේ තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග රජය ගතයුතුව තිබෙනවා. මෙවන් මිලේච්ඡ ක්‍රියාවන් පසුපස සිටින හස්තයන් හදුනාගෙන මෙම රටේ ගිනිදැල් ඇවිලවීමට උත්සහ කරන පිරිස් සොයා ඔවුන්ව විනාශ කොට මෙම රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම රජය සතු වගකීමකි.

කතෝලික ජනතාවගේ අති උතුම් පාස්කු ඉරු  දිනයේදී දේවස්ථාන වලදී තම ආගමික කටයුතුවල නිරත වෙමින් සිටි අහිංසක ජනතාව ඉලක්ක කොටගෙන, ඒලෙසම කොළඹ ප්‍රසිද්ධ හෝටල්වල සිදුකළ මෙම දරුණු ප්‍රහාරවලින් ගැහැණු, පිරිමි, කුඩා ලමුන් වගේම විදේශිකයන් මියගිය බව දැනගන්නට ලැබීමෙන් මා ඉමහත් සංවේගයට පත්වුණා.

මෙවන් වූ මිලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියා මගින් එය සිදුකළවුන් කුමන ආකාරයේ ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වන්නේ දැයි නොදන්නෙමු. මෙවන් වූ අමානුෂීය, කෲර ක්‍රියා මගින් සිවිල් ජනතාවව පීඩාවට පත් කිරීම අප හට කිසිසේත්ම අනුමත කළ නොහැක. විශේෂයෙන් ඉස්ලාම් භක්තිකයන් කිසිසේත්ම ප්‍රචණ්ඩත්වය අනුමත නොකරන බවට අප රට තුළින්ම උදාහරණ ලබාගත හැක. ඉස්ලාම් ආගම කිසිදු අවස්ථාවක අන්‍යාගමිකයන්ගේ ජීවිත උදුරාගැනීමේ අයිතිය කිසිවෙකුටත් ලබාදී නොමැත යන්න ඉතා පැහැදිලි ලෙස ප්‍රකාශ කළ හැක.

සාමය, සමාදානය හා සහජීවනය ජනතාව අතර ගෙනයන ආගමක් ලෙස ඉස්ලාම් දහම හැදින්විය හැක. විශේෂයෙන් සියලු ජන කොටස් සහජීවනයෙන් ජීවත් වන ශ්‍රී ලංකාවේ මෙවන් වූ කුරිරු සිද්ධියක් සිදුවීම මනුෂ්‍යයන් විසින් අප හට සිතා හෝ බැලිය නොහැක. මෙවන් වු දරුණු ප්‍රහාර තුළින් රටේ නැවතත් යුද්ධයක් ඇතිකර එයින් ලාභ ප්‍රයෝජන ලබාගැනීමට මාන බලමින් සිටින සාහසිකයන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමට අප කිසිසේත්ම ඉඩ ලබා නොදිය යුතුයි.

එබැවින් මෙම ප්‍රහාරයන් පිටුපස සිටින පුද්ගලයන් හදුනාගෙන ඔවුන්හට ලබාදිය හැකි උපරිම දඩුවම ලබාදීමටත් රටේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා මෙන් අප රජයෙන් ඉල්ලා සිටින අතර, මෙවන් වූ සාහසික ක්‍රියාවන් වලට අනුබල දීම හෝ උපකාර කිරීමට කිසිවෙකුත් කිසිදු අවස්ථාවක කටයුතු නොකළ යුතු බවටද අප ඉල්ලා සිටිමු.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඥානසාර හිමි ගැන අද තීරණයක්

Mohamed Dilsad

කොළඹ කසල එක්රැස් කරන කාලයේ සංශෝධනයක්

Mohamed Dilsad

උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන් සඳහා ටැබ් ලබා දීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment