ප්‍රමුඛ පුවත 1

ප්‍රවීන සූපවේදීනී ශාන්තා මායාදුන්නේගේ සහ දියණියගේ අවසන් කටයුතු අද.

(UTV| කොළඹ) – පසුගිය ඉරිදා සිදු වූ ප්‍රහාරයෙන් මියගිය ප්‍රවීන සූපවේදී ශිල්පිනී ශාන්තා මායාදුන්නේ සහ ඇයගේ වැඩිමහල් දියණිය අද (25) සවස 5ට බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු කිරීමට නියමිතයි.

වසර 30කටත් අධික කාලයක් ආහාර පිසීමේ කලාවේ නියුතු ඇය ශ්‍රී ලංකාවේ පළමු සජීවී සූපවේදී වැඩසටහන මෙහෙය වූ සූපවේදීනියක් වන අතර ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අයගේ වැඩිමහල් දියණිය පෞද්ගලික බැංකු ආයතනයක සේවය කල   තැනැත්තියකි.

කෙසේ වෙතත් පසුගිය 21 වනදා එල්ලවුණු බෝම්බ ප්‍රහාරයෙන් මිය යන විට ශාන්තා මායාදුන්නේ සහ දියණිය ඇතුළු මායාදුන්නේ පවුල කොළඹ Shangri-La හෝටල් පරිශ්‍රයේ සිට උදැසන ආහාරය ගනිමින් සිට ඇති බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සමාජ මාධ්‍ය හරහා බෙදීම් ඇති කිරීම රටේ ප්‍රගතියට බාධාවක් [VIDEO]

Mohamed Dilsad

බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් වස්කඩුවේදී 06 කට ජීවිත අහිමි වෙයි

Mohamed Dilsad

ගායක දමිත් අසංකට ඇප

Mohamed Dilsad

Leave a Comment