ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය නායකයින්ගෙන් ජනපතිට සහතිකයක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඇතුළු රාජ්‍ය ප්‍රධානීන් රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සහතික වී තිබේ.

ඇන්තෝනියෝ ගුටේරස් මහතා ඇතුලු ලෝක නායකයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත මේ බව ප්‍රකාශ කර ඇත.

පසුගියදා එල්ල වූ  ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත දුරකතන ඇමතුම් ලබා දෙමින් ඔවුන් සිය කණගාටුව හා සංවේගය පල කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බව ජනාධිපතිවරයාට සහතික වී ඇති එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සිද්ධියෙන් මියගිය පවුල් වෙත සිය සංවේගය පල කරන බවත් තුවාල ලැබූවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් ප්‍රකාශ කර ඇත.

මේ අතර පකිස්ථාන ජනාධිපති ආචාර්ය අරිෆ් අල්වි (Arif Alvi) සහ තුර්කි ජනාධිපති රිචේප් තයිප් එර්දොගාන් (Recep Tayyip Erdogan) යන මහත්වරුන් ද ඊයේ ජනාධිපතිතුමා වෙත දුරකථන ඇමතුම් ලබාදෙමින් සිය කනගාටුව සහ සංවේගය පළ කළ අතර, ඔවුන් අවධාරණය කළේ ත්‍රස්තවාදය දැඩි ලෙස හෙළා දකින බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ කටාර් එමීර්වරයා වන ෂේක් තමිම් බින් අහමඞ් අල්තානි (Sheikh Tamim bin Hamad Al Thani) මහතා ද ජනාධිපතිතුමා වෙත දුරකථන ඇමතුම් ලබාදෙමින් සිය කනගාටුව සහ සංවේගය පළ කළ අතර මෙම දුෂ්කර අවස්ථාවේ තමන් ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගෙන සිටින බව අවධාරණය කළහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දේශපාලන පක්‍ෂ නියෝජිතයින් මැතිවරණ කොමිසමට කැඳවයි

Mohamed Dilsad

නව පක්‍ෂය සඳහා අනුමැතිය ගැනීමේ යෝජනාව අනිද්දා කෘත්‍යාධිකාරී මණ්ඩලයට

Mohamed Dilsad

ETI තැන්පත්කරුවන්ගේ පෙත්සමේ කරුණු තහවුරු කිරීම දෙසැම්බර් 04 වනදා

Mohamed Dilsad

Leave a Comment