(UTV| කොළඹ) – පසුගියදා කතෝලික දේවස්ථාන කිහිපයකට සහ කොළඹ හෝටල් කිහිපයකට ත්‍රස්ත ප්‍රහාර එල්ල වීමෙන් පසු මාහට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
ඊයේ පාර්ලිමේන්තුවේදී හදිසි නීති විවාදයට එක වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..
“මෙම ව්‍යාජ චෝදනා මම තරයේ හෙළා දකිනවා ඉස්ලාම් ආගමෙන් ත්‍රස්තවාදය අනුමත කරලා නෑ. අපේ ශූද්ධ වු අල් කුරානයෙත් නබීතුමාගේ ජීවන රටාවෙත් කිසිම අකාරයක ත්‍රස්තවාදය කෙසේත්ම අනුමත කර නෑ. එමෙන්ම මෙවැනි ත්‍රස්තවාදය ක්‍රියා කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. එමෙන්ම මෙම ත්රස්තවාදීන් ඉස්ලාම් නමෙන් ඔවුන්ගේ නම් තිබුණට මොවුන් කරපු වැඩ මිලේච්ඡ ක්‍රියාවන් කිසිසෙත්ම ඉස්ලාම් ධර්මය අනුමත කරන්නේ නෑ. එමෙන්ම ඔවුන් ඉස්ලාම් දහමට විරුද්ධව තමයි කටයුතු කර තිබෙන්නේ. එ නිසා මෙතන පක්ෂ භේදයෙන් තොරව ආගම් භේදයෙන් තොරව මෙම ත්‍රස්තවාදය සහමුලින්ම මුලිනුපුටා දැමිමට අපි එකා වන්ව කටයුතු කළ යුතුයි යන ඉල්ලීම කරමීන්.
ගරු කථානායකතුමණි, ඒ පසුගිය 21 වැනිදා, ඒ පාස්කු ක්‍රිස්තියානි බැතිමතුන් විසින් එම දිනයේ ඔවුන්ගේ දේව මෙහෙයන් කරමීන් සිටින අවස්ථාවේදි මෙම ත්‍රස්තවාදී හොර නඩය විසින් කරණූ ලැබු මෙම අශිෂ්ට සහ මිලේච්ඡ අකාරයට ක්‍රිස්තු භක්තිකයින්ගේ ජීවිත ඩැහ ගැනිමේ දිනය අපේ ලංකා ඉතිහාසයේ කලු දිනයක් හැටියට නම් කළ යුතුයි. එමෙන්ම ඔවුන් මිලේච්ඡ ත්‍රස්තවාදින් ලෙස මම නම් කරනවා පමණක් නොවේ.. එම භයානක මිලේච්ඡ ත්‍රස්ත ක්‍රියාව කරනු ලැබු ඔවුන් ත්රස්තවාදීන් ලෙස නම් කිරිමට මෙම අවස්ථාව යොදා ගන්නවා පමණක් නොව එමෙන්ම එම මිලේච්ඡ මෙන්ම ශිෂ්ට සම්පන්න සමාජය කිසිසෙත්ම අනුමත කරනු නොලබන එම ත්‍රස්ත ක්‍රියාව සහ එම මෙම ක්‍රියාවට සම්බන්ධ වු ඔවුන්ගේ අදාළ සංවිධානය මෙම රට තුළ තහනම් කරනු ලබන ලෙසටත් මෙම ක්‍රියාවට සම්බන්ධ සියළු දෙනාම අත්අඩංගුවට ගෙන නීතියේ රැහනට අසුකර ගනිමීන් මෙ රටේ තියන නීතියට අනුව උපරිම දඩුවම ලබා දිය යුතු බවටත් මා ඉල්ලා සිටිනවා.
මෙය අපි සුළු කොට තැකිය නොහැකියි මෙම අවස්ථාව යමෙකු විසින් පටු දේශපාලන වාසි තකා අවස්ථාවාදී ලෙස කටයුතු කරන්නේ නම් එය හුදෙක් දේශපාලන මෙන්ම මෙම රටට කරන විනයක් ලෙස ඔබ සියළු දෙනා අවබෝධ කරගත යුතුය. එල්.ටී.ටී.ඊ සංවිධානයට කලු කොටි ලෙස පැමීණ සයිනට් කරල සපා ගනිමීන් සියදිවි නසා ගැනිම දක්වා පැමීණිමට දශක දෙකක් ගතවුණා. නමුත් පසුගියදා මෙම ත්‍රස්තයින් මීගමුව මඩකලපුව කොච්චිකඩේ ආගමීක සිද්ධස්ථාන තුනක් ඉල්ලක්ක කර ගනීමීන් සහ ආර්ථික මර්මස්ථාන ලෙස සැලකෙන ප්‍රධාන හෝටල් ඉලක්ක කර ගනිමීන් කරනු ලැබු අදාළ සියදිවි නසා ගැනිමේ කුරිරු ත්‍රස්තවාදී ක්‍රියාවන් මගින් හුදෙක් රටේ ආර්ථිකයට පමණක් නොව යටිතල පහසුකම්, රටේ සංචාරක කර්මාන්තය යනාදී අංශයන්ට කඩා වට්ටමීන් ඉදිරි පරම්පරාවේ අනාගතය සුණූ විසුණූ කර දැමිමේ ක්‍රියාවක නිරත විම හුදෙක් දිනයක් ඇතුළතදි සිදුකර තිබෙනවා.
එමෙන්ම මෙම අවස්ථාව අයතු ලෙස උපයෝගී කරගෙන කවුරු හෝ පහත් දේශපාලනයක නිරත වනවා නම් එය පහත් ක්‍රියාවක් ලෙස මා දකිනවා, එපමණක් නොව එම කුරිරු ත්‍රස්ත ක්‍රියාව උපයෝගී කර ගනමීන් ලාංකික මුස්ලිම් ජනතාව ඇඳා ගනිමීන් චෝදනා කරනවානම් එයද පහත් ක්‍රියාවක් ලෙස සැලකිය යුතුයි. මෙම කුරිරු අශිෂ්ට අමානුෂික මිලේච්ඡ ක්‍රියාව සිතා මෙරට වෙසෙන ලක්ෂ විස්සක් වු මුස්ලිම් ජනතාව දිනෙන් දින හද උණූවෙමීන් සිටින අවස්ථාවක සහ සියල්ලන්ම පිළිගත් මුස්ලිම් විද්වතුන්ගේ සංගමය (ACJU) මෙම කුරිරු තස්ත්‍ර ක්‍රියාව දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.
එපමණක් නොව මෙවැනි තස්ත්‍ර කණ්ඩායමක් විසින් විනාශකාරී ක්‍රියාවකට මුල පුරමීන් සිටින බවත් පවසමීන් මීන් මාස ගණනකට පෙර මෙම තස්ත්‍ර කණ්ඩායම පිළිබඳ තොරතුරු ඇතුළු මෙම ක්‍රියාවට මුලිකත්වය ලබාදුන්නේ යැයි කියනත්රස්ත නායක සහරාන් හෂ්මී නැමති අදාළ පුද්ගලයාගේ නමත් එම සංවිධානයේ තොරතුරු අදාළ ආරක්ෂක අංශ වලට මෙම පිළිබඳව දැනුම් දී තිබියදීත් එය අදාළ ආරක්ෂක අංශ තුට්ටුවට නොසලකා හැරිම පිළිබඳ ඉතාමත් කණගාටුවට ඔවුන් පත් වෙමීන්, ඇයි අපගේ ආරක්ෂක අංශ මෙය නොසලකා හැරියේ යැයි දේශපාලකයින් වන අපගෙන් ප්‍රශ්න කරමීන් ඔවුන්ගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටියි.
දැන් සිදුවුණූ දේ වුනා නමුත් මීන් ඉදිරියේදි වත් මෙවැනි ක්‍රියාවන් සිදු නොවිමට අපි සියළු දෙනාම එකාවන්ව නැගි සිටිමීන් මෙවැනි ක්‍රියාවලට එරෙහිව අත්වැල් බැඳ ගනිමීන් එක්වෙමු. තවත් ඉතිරි වී සිටින මෙවැනි අන්තවාදී ත්රස්තවාදීන් ඔවුන්ගේ කඩාකප්පල්කාරී ඉලක්කයන් සපුරා ගැනීමට ඉඩ නොතැබිම අප සියළු දෙනාගේ වගකිමයි අපි එයට මෙතන අසුන්ගෙන සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මීන් පෙර වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබෙනවා,එමෙන්ම මෙහි සිටින කුමාර වෙල්ගම මහතාද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබෙනවා,එමෙන්ම මම වත්මන් වාණිජ කටයුතු සහ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කරනවා, වේළඳ හා ව්‍යපාර කටයුතුවල නිතර වන්නන් වාණිජ කටයුතු අමාත්‍යවරයාව ඔවුන්ගේ ව්‍යාපාර ගැටලු නිරාකරණය කර ගැනිමට මෙන්ම ව්‍යාපාර සංවර්ධනයට ව්‍යාපාරිකයින්ව හමුවිම සමාන්‍ය දෙයක්. ඉතින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස ව්‍යාපාරිකයින් හා වේළඳ නියෝජීතයින් හමුවිම සමාන්‍ය දෙයක් කොළඹ වේළඳ සංගමයේ සභාපති යැයි පවසන ඊබ්රිබාහිම් හාජ්ජීයාර් නැමැත්තෙක් හා කොළඹ වේළඳ සංගමයේ නියෝජීතයින් පිරිසක් 2017 වර්ෂයේ ජුනි මාසයේදී ඔවුන්ගේ වේළඳ සැපයුම් සම්බන්ධ ගැටලු විසඳා ගැනිමට නිළ වශයෙන් මාගේ අමාත්‍යාංශ කාර්යාලයේදී හමුවෙමීන් ඉදිරිපත් කිරිමක් කර තිබුණා. මෙම නිල හමුව අවස්ථාවේදි ගනු ලැබු ඡයාරූපයක් සම්බන්ධ කර ගනිමීන් ත්රස්තවාදීන් සමග මා හට පෞද්ගලික සබඳතා තිබෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ප්‍රසිද්ධියේ චෝදනා නගා තිබුණා,මෙවැනි ව්‍යාජ චෝදනා මා ප්‍රතික්ෂේප කරමීන් තරයේ හෙළා දකිනවා.
මෙම ත්‍රස්තවාදී ක්‍රියාවට සම්බන්ධ වුවන්ගේ පියා ආරක්ෂක අංශ අත්අඩංගුවේ පසුවනවා ඉතින් කලින් ගත් නිළ හමුවක ඡයාරූපයක් තියාගෙන විමල් විරවංශ මහතා මට චෝදනා කරනවා, තමාත් ත්‍රස්තයින් සමග පෞද්ගලික සබඳතා තිබෙනවා කියලා. එමෙන්ම මෙම මිලේච්ඡ ත්‍රස්ත ක්‍රියාව හෙළ දකිමීන් ඔවුන්ට එරෙහිව කටයුතු කරමීන් සිටින, ඔවුන්ව දැඩි ලෙස හෙළා දකින ඔවුන්ගේ ක්‍රියාවලට විරෝධය පාන සහ මිලේච්ඡ ත්රස්තයින්ව සහමුලින්ම මුලිනුපුටා දැමීය යුතුයි යන මතයේ තරයේ පිළිගන්නා අප වැනි දේශපාලකයින් මෙවැනි මිලේච්ඡ ත්‍රස්තයින් සමග සම්බන්ධ කර කතා කර ත්‍රස්තයින්ට උදව් නොකරන ලෙස අප දේශපාලකයින්ගෛන් මෙන්ම සියල්ලන්ගෙන්ම ඉතා කාරුණීකව ඉල්ලා සිටිමී. පසුගිය 21 වැනිදා සිදුකර ලද මෙම මිලේච්ඡ ක්‍රියාව කරනු ලැබු ත්‍රස්තයින් අනෙකුත් ත්‍රස්තයින් ලෙස සුළු කොට තකන්න එපා එමෙන්ම මෙ ත්රස්තයින්ගේ ක්‍රියාවන් දේශපාලකයින්ගේ ගිණූමට බැර කරමීන් සහ දේශපාලකයින් දෙසට ඇගිල්ල දිගු කරමීන් මෙම රට විනාශ මුඛයට රැගෙන නොයන ලෙස මා ඔබ සියළු දෙනාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමී.
ත්‍රස්තවාදයෙන් බැට කාපු පුද්ගලයෙක් විදියට සහ ත්‍රස්ත ක්‍රියාවන්ගෙන් අනාථ භාවයට පත් ලක්ෂයක් සමඟ ජනතාවක් ත්‍රස්ත ක්‍රියාවන්ගෙන් බැට කනකොට මුහුදු මාර්ගයෙන් පැමීණ අනාථ කඳවුරුවල වෙසෙමීන් ත්රස්තවාදයේ භයානක කම සහ කෘරත්වය මැනවින් හදුනන මාගේ දේශපාලනය මා අනාථ කඳවුරෙන් ආරම්භ කළේමී.
කොළඹ වෙළඳ සංගමයේ සභාපති යැයි පවසන ඊබ්රිබාහිම් හාජ්ජීයාර් නැමැත්තෙක් හා කොළඹ වේළඳ සංගමයේ නියෝජීතයින් පිරියක් 2017 වර්ෂයේ ජුනි මාසයේදී ඔවුන්ගේ වේළද සැපයුම් සම්බන්ධ ගැටලු විසඳාගැනිමට නිළ වශයෙන් මාගේ අමාත්‍යාංශ කාර්යාලයේදී හමුවෙමීන් ඉදිරිපත් කිරිමක් කර තිබුණා. මෙම නිල හමුව අවස්ථාවේදි ගනු ලැබු ඡයාරූපයක් සම්බන්ධ කර ගනිමීන් තස්ත්‍රවාදීන් සමග මා හට පෞද්ගලික සබඳතා තිබෙනවා මෙන්ම ඔවුන්ට නායකත්වය මම දෙනවායැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ප්‍රසිද්ධියේ චෝදනා නගවානම් ඊට වඩා තුච්ඡ ක්‍රියාවක් තුච්ඡ චෝදනාවක් මෙන්ම තුච්ඡ දේශපාලඥයින් මෙරට නොසිටිය හැකියි.
මෙම කුරිරු සිදුවිමෙන් අනතුරුව මාත් මාගේ සමාජය මාගේ ජනතාව සහ සියළු මුස්ලිම් දේශපාලඥයෙක්ම දරාගත නොහැකි කණස්සල්ලකින් පසු වන්නෙමු. අපි ලැජ්ඡා වෙනවා. අති උතුම් අගරදගරු මැල්කම් රංජීත් හිමීපාණන්ගෙන් සහ සියළු කිතුනුවන්ගෙන් සමාව ඇයැද සිටිනවා. අර සහරාන් නැමති ඉස්ලාම් යැයි කියාගන්නා කුරිරු ත්‍රස්ත්‍රවාදියා විසින් කරණු ලැබු මිලේච්ඡ ක්‍රියාව හෙළා දකිමීන් අප එම ත්‍රස්තයා වෙනුවෙන් ඔබ සියල්ලන්ගෙන්ම යළිත්, යළි යළිත් සමාව අයැද සිටිමී. එපමණක් නොව අපි සියල්ලක්ම එකාවන්ව අත්වැල් බැඳ ගනිමීන් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමිමට කටයුතු කරමු. එපමණක් නොවෙයි මෙය සුළු කොට තකන්න එපා රටක් තිබුණොත් තමා දේශපාලනයක් කරන්න පුළුවන් රටක් තිබුණොත් තමා අපේ අනාගත පරම්පරාවට ජිවත් වන්න පුලුවන්.
මෙම තස්ත්‍රවාදය ඇමෙරිකාවේ සිදුවුණා ප්‍රංශයේ සිදුවුණා තවත් නොයෙකුත් රටවල සිදුවුණා දැන් අවසානයේ මොවුන්ගේ ගොදුර බවට ලංකාව පත්ව තිබෙනවා.කරුණාකර මෙය වෙනත් දිශාවකට යොමු කරන්න එපා එ වගේම වනාත්විල්ලුවේදි අවි ආයුධ අත්අඩංගුවට ගත් බවට තොරතරු ආවා. එ හා සම්බන්ධ පුද්ගලියින් අත්අඩංගුවට ගෙන තිබු අවස්ථාවේ ඔවුන්ව නිදහස් කරන්න කියා දේශපාලන හස්තයක් ඉල්ලා තිබු බවට රාවයක් තිබුණා.ගරු කථානායක තුමණි ඉතාමත් කරුණිකව ගරු කථානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා මෙහි සිටියොත් කරුණාකර මා ඉල්ලා සිටින්නේ වනාතවිල්ලුව සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයන්ව නිදහස් කරන්න කියා දේශාපාලකයෝ බලපෑම් කරලා තිබෙනවානම් එ කුමන පොලිසීයටද එම දේශපාලකයා බලපෑම් කළේ සහ කුමන දේශපාලකයාටද එම දේශපාලකයා බලපෑම් කළේ යන දේ ඔබ වහාම පැහැදිලි කළ යුතුයි සත්‍ය වහාම එළි කළ යුතුයි. එහෙම නැතුව එවැනි දේශපාලකයෙකු කතා කලේ නැතිනම් එවැනි දෙයක් හෝ එවැනි දේශපාලන බලපැමක් කිසිදු පොලිසියකට දේශපාකයෙකුගෙන් සිදුවුණේද නැද්ද යන්න සත්‍ය ඔබතුමා මෙහිදි වහාම කරුණාකර හෙළිකළ යුතුයි. එසේ කිසිදු දේශපාලකයෙකු කුමන පොලිසීයකට හෝ දේශපාලකයෙකුට වනාතවිල්ලුව සිදුවිමේදි අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයින් නිදහස් කරන්නැයි බලපැම් කර තිබුනොත් එය සම්පුර්ණයෙන්ම වැරදි දෙයක් සහ එවැනි බලපැමක් සිදු කර තිබුණොත් එම දේශපාලකයාට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගත යුතුයි කියා රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාට මා පවසා සිටිනවා. එවැන්නක් නොකර හුදෙක් ව්‍යාජ තොරතුරු පතුරවා හරිමීන් අභුත චෝදනා නගමීන් බොරු ප්‍රචාර කරමීන් මෙම සභාව නොමග යන්වන්න එපා කියා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මෙහි සිටින මාගේ මීත්ර ජයසේකර මහතා පවසා සිටියා මුස්ලිම් වියතුන්ගේ සංගමය මිලේච්ඡ ත්‍රස්ත ක්‍රියාව හෙළ දැකිය යුතුයි කියා.
මුස්ලිම් වියතුන්ගේ සංගමයේ නායක රිස්වී මුෆ්තිතුමා සහ අපගේ අමාත්‍යවරුන් ගරුතර මැල්කම් රංජීත් හිමීපාණන් හමුවි අපගේ බලවත් කණගාටුව මෙන්ම ශෝකයද ප්‍රකාශ කර සිටියා. ක්‍රිස්තු හා මුස්ලිම් භක්තිකයින් ඉතිහාසයේ පටන් මෙරට තුල සාමකාමීව සහයෝගයෙන් ජීවත් වු අතර ඉදිරියේදිත් එ අකාරයටම සහෝගීව සාමකාමීව එකාවන්ව ජීවත්වීමට අවශ්‍ය වැඩ කටයුතු පිළිබඳවද මෙහිදි අගරදගුරුවරයා සමග සාකච්ඡාවට ලක් කලා. එපමණක් නොව මුස්ලිම් වියතුන්ගේ සංගමය නොයෙකුත් මාධ්‍ය සාකච්ඡා පවත්වමීන් මෙම මිලේච්ඡ ත්‍රස්ත ක්‍රියාව දැඩි ලෙස හෙළා දකිමීන් මෙවා කුරිරු ඝාතනයන් ලෙස තරයේ ප්‍රතික්ෂේප කරමීන් ප්‍රකාශ කර සියටියා. එටමකන්ම මෙම ත්‍රස්තවාදය නම් කර සිටියා.
ඒ කෙසේ වුවද යම් මාධ්‍ය ආයතන හුදෙක් තමන්ගේ සම්මාන ලබා ගැනිම ඉලක්ක කර ගනිමීන් සහ ප්‍රේක්ෂක ප්‍රමාණය වැඩි කර ගැනිමට මුස්ලිම් වියතුන්ගේ සංගමයේ මාධ්‍ය සාකච්ඡාවන්වලට මාධ්‍ය ආවරණය නොදිමට කුහක ලෙස කටයුතු කළා ඉන් නොනැවති කිසිදු වගකීමකින් තොරව නොයෙකුත් තොරුතුරු පතුරුවා හරිමීන් සිටියි. මා මගේ කථාව මෙතැනින් අවසන් කරමී.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]