ප්‍රමුඛ පුවත 1

‘ෆොනී’ චණ්ඩ සුළි කුණාටුවක් වන ලකුණු

(UTV| කොළඹ) – ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදේ ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින ‘ෆොනී’ සුළි කුණාටුව ඉදිරි පැය 12 තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එය ලබන 30 වැනි දා දක්වා නැගෙනහිර වෙළරට ඔබ්බෙන් වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි.

අනතුරුව එය ඊසාන දෙසට ගමන් කරනු ඇත.

මේ හේතුවෙන් මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 100 දක්වා ඉහළ යන අතර එබැවින් නැවත දැනුම් දෙනතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවුක කටයුතුවල යෙදීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කරයි.

මේ හේතුවෙන් බස්නාහිර, දකුණ, සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ දැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කලගින අංශ පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ළඟදීම පත් කෙරේ

Mohamed Dilsad

වැසි සහ සුළං තවදුරටත්

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් ජනපතිට සංදේශයක්

Mohamed Dilsad

Leave a Comment