ප්‍රමුඛ පුවත 1

ජාතිවාදය හෝ ආගම්වාදය අවුස්සන පුද්ගලයන්ට එරෙහිව හදිසි නීති රෙගුලාසි පනවයි.

(UTV| කොළඹ) – පසුගිය ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ජාතිවාදය අවුස්සනසුළු හෝ ජාතීන් හා ආගම් අතර ගැටුම් ඇතිවන ආකාරයේ ප්‍රකාශ, ඡායාරූප හෝ වෙනත් ප්‍රකාශන සිදුකරන කණ්ඩායම් හෝ සංවිධාන සම්බන්ධයෙන්ද තරාතිරම නොබලා හදිසි නීති රෙගුලාසි යටතේ දැඩි ලෙස කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

එමෙන්ම අසත්‍ය ප්‍රකාශ සිදුකරන හෝ කටකතා පතුරන පුද්ගලයන්ට එරෙහිවද හදිසි නීති රෙගුලාසි තදින් ක්‍රියාකරන අතර ආරක්ෂක අංශ නොමග යවන සුලූ ප්‍රකාශ නිකුත් කරන හෝ ක්‍රියාකරන පුද්ගලයන්ට  එරෙහිවද එලෙස කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

එම නිසා සියලු මහජනතාවට, කණ්ඩායම්වලට සහ අනෙකුත් අංශයන්ට එවැනි ක්‍රියාවලින් වැළකී සිටින ලෙස  තරයේ දැනුම්දෙන බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජපක්ෂට අමතක වූ වගා හානි වන්දිය [VIDEO]

Mohamed Dilsad

විපක්ෂයේ ප්‍රධාන ධූරය ගැන තීරණයක් [VIDEO]

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂගේ නඩුවට අද දුන් තීන්දුව

Mohamed Dilsad

Leave a Comment