ප්‍රමුඛ පුවත 1

ඔස්ට්‍රේලියාවේ අනවසරයෙන් රැදීසිටි ලාංකිකයන් 25 දෙනෙකු හරවා එවයි

(උදයම්,කොළඹ)  – අනවසරයෙන් ඔස්ට්‍රේලියාවේ රැදීසිටි ලාංකිකයන් 25 දෙනෙකු  අද (15) උදෑසන යළි හරවා එවා තිබේ.
නීති විරෝධී ලෙස  ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති බව තහවුරු වූ නිසා මෙම පිරිස මෙලෙස යළි දිවයිනට හරවා එවා ඇති බව ආගමන විගමන පාලක නිහාල් රණසිංහ මහතා කියා සිටියේය.
ඔවුන් ඔස්ට්‍රේලියාවේ සිට විශේෂ ගුවන් යානාවකින් මෙරටට ඒවා තිබේ.
2016 වසරේ ඔක්තෝබර් මස 31 දින මැලේසියාව වෙත ගුවන් යානයකින් ගොස් ඇති ඔවුන් මැලේසියාවේ සිට බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාව වෙත ගොස් ඇති බව වාර්තා වී ඇත.ඒ අතර කාන්තාවන්ද වන බව අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසීය.
ඔවුන් යාපනය , වවුනියාව,මන්නාරම ,කිලිනොච්චිය  යන පෙදෙස් වල පදිංචිකරුවන් පිරිසකි.

Related posts

ඩෙංගු මර්දනය වෙනුවෙන් රාජ්‍ය ආයතන තුළ විශේෂ පරීක්ෂාවක් හෙට

Mohamed Dilsad

පාතාල නායක මාකඳුරේ මධූෂ් පිලිබඳ අවසන් තීන්දුව අද.

Mohamed Dilsad

බැටිකලෝ කැම්පස් ගිණුම් හිස්බුල්ලාගේ බව හෙළි වේ

Mohamed Dilsad

Leave a Comment