ප්‍රමුඛ පුවත 1

‘ පරිසරය අපිරිසිදු වන සේ කසල බැහැර කරන ඕනැම පුද්ගලයෙකුට දැඩි පියවර’ ඇමති ෆයිසර් මුස්තාෆා

(උදයම්,කොළඹ)  –  මේ දිනවල දැවැන්ත අර්බුදයක් බවට පත්ව ඇති කොළඹ නගරයේ කසල  බැහැර කිරීම  නිසියාකාරයෙන්  සිදු නොවීම පිලිබඳ සොයා බලා ඉක්මණින් යථා තත්වයට පත් කිරීම සදහා සුදුසු පියවර වහාම ක්‍රියාත්මක කරන ලෙස පළාත් සභා හා පළාත් සභා හා පළාත් පාලන ගරු අමාත්‍ය ෆයිසර් මුස්තපා මහතා උපදෙස් ලබා දෙයි.

ඊයේ (14)  අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදී පැමිණ සිටි සියලුම නිලධාරින්ට උපදෙස් ලබා දෙන ලදී.මෙම අර්බුදය විසදීම සදහා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය යටතේ පළාත් සභා  හා පළාත් පාලන අමාත්‍යාංශය  අපද්‍රව්‍ය කළමනාකරණ වැඩ සටහන  සෘජුවම මැදිහත් වී ක්‍රියාකරයි.

කොළඹ නගරය තුළ විධිමත් කසල බැහැර කිරීමේ ක්‍රමවේදයක් නොමැතිකම හේතුකොට මේ දිනවල උද්ගතව තිබෙන පරිසර අපිරිසිදුතාවය නිසා ජනතාව මුහුණ දී තිබෙන ගැටළුකාරී තත්වයෙන් මුදවා ගැනීමට ඉක්මන් පියවර ගැනීමට ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පළාත් සභා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තපා මහතා මේ සදහා විශේෂ අවධානයකින් කටයුතු කරයි.

විශේෂයෙන් කොළඹ නගරයේ කසල බැහැර කිරීමේ එකම ස්ථානය වන මීතොටමුල්ල කසල අංගනය වෙතට වෙනත් ප්‍රදේශවල කසල ගෙනවිත් දැමීමෙන් සිදුවන අපහසුතාවය සහ ඊට අදාල සියලු අක්‍රමිකතා පිළිබඳව විසදුම් ලබා දෙන ලෙස අමාත්‍යවරයා නියෝග කරන ලදී.

එමෙන්ම සති දෙකක් තුළ ප්‍රසිද්ධ ස්ථානයන්හි කසල බැහැර කරන්නන් හට විරුද්ධව නීතිමය පියවර ගැනීම, ප්‍රසිද්ධ ස්ථානයන්හි කසල බැහැර කිරීම නොකරන ලෙස අවවාදාත්මක පුවරු ස්ථාපනය කිරීම .අවිධිමත් කසල බැහැර කරන්නන් හඳුනා ගැනීමට විශේෂ ක්‍රියාපිළිවෙතක් අනුගමනය කිරීම, යහපත් කසල බැහැර කිරීමේ චර්යා පද්ධතියක්  සමාජ ගතකිරීමේ මාධ්‍ය ප්‍රචාරණයක් විධිමත්ව සිදුකිරීම සඳහා පියවර ගැනීම අදාළ නිලධාරින් වෙත අමාත්‍යවරයා නියෝග කරන ලදී. විශේෂයෙන් කොළඹ නගරයතුල පරිසර පද්ධතිය අපිරිසිදු වන සේ කසල බැහැර කරන ඕනැම පුද්ගලයෙකුට දැඩි පියවර ගැනිමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා පැමිණි සිටි සියලු නිලධාරින්ට උපදෙස් ලබා දෙන ලදි.

විශේෂයෙන් සනීපාරක්ෂක වෘත්තිකයන් සිදු කරන සුවිශේෂි සමාජ මෙහෙවර විශේෂ ඇගයිමට ලක්කිරීම සදහා අවශ්‍ය පියවර ගනිමින් , ඔවුන් ඉහළ ප්‍රමිතියකින් යුතු නිල ඇදුමක්, අත් වැසුම්, මුහුණු ආවරණ හා අනෙකුත් අත්‍යාවශ්‍ය දේ ලබා දීමට පියවර ගන්නා ලෙසද අදාළ ආයතන ප්‍රධානින් දැනුවත් කරන ලදී. සති දෙකක කාලයක් තුළ වැඩි වශයෙන් කසළ එක් රැස් වන ස්ථාන හදුනා ගැනීමට විශේෂ ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කිරීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ සහය ලබා ගැනීමට මෙහිදී කටයුතු කෙරේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කසල බැහැර කිරිම පිළිබඳ විශේෂ සාකච්ඡාවට සමගාමීව ගැවති මෙම සාකච්ඡාව සඳහා පළාත් සභා හා පළාත් සභා හා පළාත් පාලන අමාතයාංශ ලේකම් කමල් පත්මසිරි නාගරික සංවර්ධන අධිකාරිය,  කොළඹ මහනගර සභාව, දෙහිවල ගල්කිස්ස මහනගර සභාව, කොලොන්නාව නගර සභාව,  ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආයතන නියෝජනය කරමින් නියෝජිතයන් පැමිණ සිටියහ. දීර්ඝ වේලාවක් පැවති සාකච්ඡාව අවසානයේදී ඉහත සදහන් සියලු පියවර කඩිනමින් ක්‍රියාත්මක කිරීට අමාත්‍යවරයා නියෝග කරන ලදී.

Related posts

ගම්මිරිස් ආනයනය කිරීම නවතා දමයි…

Mohamed Dilsad

මහින්දානන්දගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරේ [VIDEO]

Mohamed Dilsad

වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ට අධිකරණය හමුවේ පෙනී සිටිමට නියෝග

Mohamed Dilsad

Leave a Comment