ප්‍රමුඛ පුවත 1

සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට ගෙන ඒමට ජනපතිගෙන් කැබිනට් අනු කමිටුවක්

(UTV|කොළඹ) – එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමඟ බිඳවැටුණු මෙරට සංචාරක ව්‍යාපාරය, හෝටල් ක්ෂේත‍්‍රය ඇතුළු අනෙකුත් ව්‍යාපාරික අංශ නැවත නඟා සිටුවමින්, යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය පුළුල් වගකීමකින් කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසයි.

සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රවර්ධනය උදෙසා ගතයුතු ඉදිරි පියවර පිළිබඳ සොයා බැලීමට කැබිනට් අනු කමිටුවක් ද හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී පත් කරන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

එමෙන්ම සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රවර්ධනය වෙනුවෙන් සහනදායී ක‍්‍රම යටතේ මුල්‍ය පහසුකම් ලබාදීම ඇතුළු සහන සැලසීම පිළිබඳ අද(30) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කරන බව ජනාධිපතිවරයා සඳහන් කරන ලදී.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ සංචාරක ව්‍යාපාරයට, හෝටල් සහ අනෙකුත් ව්‍යාපාරික ක්ෂේත‍්‍රයන්ට අයත් ව්‍යාපාරිකයන් සමඟ ඊයේ (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවක දී ය.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ත‍්‍රස්තවාදය පරාජය කළ හැකි බවයි. එය ස්ථීර වශයෙන් ම සිදු කරනවා මෙන්ම සිදු කිරීමට හැකියාව පවතින බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ත‍්‍රස්තවාදය මැඩැලීමට අදාළ වැටලීම් මේ වන විට දීප ව්‍යාප්තව ඉතා සාර්ථකව කි‍්‍රයාත්මක වන බවත්, මෙරට ආරක්ෂක අංශ කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති අතර ත‍්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් කිසිඳු පසුබෑමකින් තොරව ඉදිරියටම කි‍්‍රයාත්මක වන බවත් ජනාධිපතිවරයා කියා සිටියේ ය.

එබැවින් කිසිවෙකු අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැති අතර, අද සිට රටේ සියලු කටයුතු සාමාන්‍ය පරිදි කි‍්‍රයාත්මක කෙරෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ ඕනැම ස්ථානයකට ආරක්ෂාව අවශ්‍ය නම් එම ආරක්ෂක වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමට ද රජය සූදානම් බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙම තත්ත්වයෙන් නැගී සිටිමින් තම ව්‍යාපාරික කටයුතු යථා තත්ත්වයට පත්කර ගැනීමට ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ සියලුදෙනාට අවශ්‍ය පහසුකම් සහ සහයෝගය නොඅඩුව ලබාදෙන බව වැඩිදුරටත් පැවසීය. ඒ පිළිබඳ ඕනැම ඉල්ලීමක් පෞද්ගලිකව වුව ද තමා හමුවී ඉදිරිපත් කළ හැකි බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙම කටයුතු යථා තත්ත්වයට පත්වන තුරු සති දෙකකට වරක්වත් ව්‍යාපාරික ප‍්‍රජාව හමු වී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද දැන්වීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොටුව හා මාලඹේ අතර සැහැල්ලු දුම්රිය පද්ධතියට ජපානයෙන් බිලියන 200ක ණයක්.

Mohamed Dilsad

රජරට රැජිණේ ගැටුණු තවත් අහිංසකයෙක්

Mohamed Dilsad

JMI සංවිධානයේ තවත් සාමාජිකයින් දෙදෙනෙකු අම්පාරේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment