ප්‍රමුඛ පුවත 1

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට විදේශ ආයෝජකයින්ගේ සහය

(උදයම්,කොළඹ)  – මෙරට සෞඛ්‍ය සේවාවේ සංවර්ධනය සඳහා සහය දැක්වීමට විදේශීය ආයෝජන 23 ක් ඉදිරිපත්වී තිබේ.
මෙහිදී නව  රෝහල් ආරම්භ කිරීම, රෝහල් සංවර්ධනය කිරීම, ඖෂධ නිෂ්පාදනය සහ ශල්‍ය උපකරණ නිෂ්පාදනය එම නව ආයෝජන යටතේ සිදුවන බව සෞඛ්‍ය  අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය සියළු උපකරණ පහසු ගෙවීමේ ක්‍රමයට ලබා දීමට මලයාසියානු සමාගමක් එකඟතාව පළ කර ඇත.

ඒ අනුව ඉතා උසස් තත්ත්වයේ උපකරණ මෙරට  සෞඛ්‍ය සේවාවේ සංවර්ධනයට ලබාගැනීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Related posts

පහරදීමකින් සිසුවෙකු මිය යෑම හේතුවෙන් ‍බේරුවල විද්‍යාලයක් දින 02ක් වැසේ

Mohamed Dilsad

කල් ඉකුත් වූ කීරි සම්බා තොගයක් විකිණීමට ගත් උත්සාහයක්

Mohamed Dilsad

ඇවන්ගාඩ් නඩුවේ නිශ්ශංකට සහ පාලිතට වරෙන්තු

Mohamed Dilsad

Leave a Comment