ප්‍රමුඛ පුවත 1

දිවි පරදුවට තබා මව්බිම ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගන්නවා – ජනපති

(UTV| කොළඹ) – අප්‍රේල් 21 වනදා ඛේදවාචකය හමුවේ සියලු ලක්වැසි ජන හදවත් තුළ ඇති වූ වේදනාව ත්‍රස්තවාදය විනාශ කිරීමේ ශක්තිය බවට පත්කරගත යුතු බව ජනාධිපතිවරයා පවසයි.

වැඩක් කෙරෙන බවට පෙනෙන්න නැතැයි වැනි ප්‍රකාශ සිදුකරමින් එකිනෙකාට ඇඟිල්ල දිගුකර ගැනීම නොව සිදුවිය යුත්තේ ජාතියක් ලෙස එදින සියලුදෙනා මුහුණදුන් ඛේදවාචකයේ අනුවේදනීය මතක සටහන් සමඟ ත්‍රස්තවාදය විනාශ කර රටේ සාමය ස්ථාපිත කිරීමට අධිෂ්ඨානයෙන්, ආත්ම ශක්තියෙන් සහ සාමුහිකව සියලුදෙනා එකම කොඩියක් යටතේ අත්වැල් බැඳගැනීම බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(01) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින සැමරුම් උත්සවය අමතමිනි.

“ආරක්ෂිත මවු බිමක් – ජවය පිරි වැඩ බිමක්” තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කර තිබු මෙම සැමරුම් උත්සවයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයන් ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

එමෙන්ම නව සම සමාජ පක්ෂයේ නායක වාසුදේව නානායක්කාර, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ලංකා සම සමාජ පක්ෂ නායක මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන් ඇතුළු වාමාංශික පක්ෂ නායකයන් සහ නියෝජිතයන් ද ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර, මහතා ඇතුළු වෘත්තීය සමිති නායකයන් සහ නියෝජිතයන් මීට එක්ව සිටියහ.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී අවධාරණය කළේ රටත්, ජනතාවත් වෙනුවෙන් දිවි පරදුවට තබා ත්‍රස්තවාදය විනාශ කිරීමේ කාර්යයට උර දෙන බවයි.

රටේ සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාව මේ වන විට තහවුරු කර තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා ඉහළ වැඩපිළිවෙළක් විදේශීය විශේෂඥ දැනුම ද සහිතව අපගේ ආරක්ෂක හමුදාවන් මේ වන විට දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබෙන බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සබරගමුවෙත් ඉන්ෆ්ලූවෙන්සා උණ

Mohamed Dilsad

ජාතික හැඳුනුම්පත් සඳහා ඇගිලි සලකුණු ඇතුලත් කිරීමේ අවධානය

Mohamed Dilsad

ජනපතිවරණයට පොලීසිය මිලියන 668ක් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment