ප්‍රමුඛ පුවත 1

පාසැල් විෂය බාහිර ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවයි

(UTV| කොළඹ) – පාසල් වල විෂය බාහිර ක්‍රියාකාරකම් සහ පාසල් කාලයෙන් පසු සිදුවන ක්‍රීඩා පුහුණුවීම් තාවකාලිකව නතර කිරීමට පියවර ගැනේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කලේ පවතින ආරක්ෂිත තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගෙන එම පියවර ගත් බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්. එම්. රත්නායක මහතා පැවසුවේ ඉදිරියේදී  විෂය බාහිර ක්‍රියාකාරකම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ වන විට සලකා බලමින් සිටින බව අතිරේක ලේකම්වරයා සඳහන් කළේය.

මේ අතර ආරක්ෂක ලේකම්, ජනරාල්, ශාන්ත කෝට්ටේගොඩ මහතා පැවසුවේ, සෑම පාසලක් සඳහා ම උපරිම ආරක්ෂාවක් යෙදවා ඇති බැවින් ජනතාව අතර පැතිරෙන කටකතාවලට නොරැවටෙන ලෙස ද ආරක්ෂක ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිහඩ කාලසීමාවේ ඡන්ද ප්‍රචාරණට එරෙහිව දැඩි නීතිය

Mohamed Dilsad

සරසවි අනධ්‍යන සේවකයින් වර්ජනයක

Mohamed Dilsad

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

Leave a Comment