ප්‍රමුඛ පුවත 1

රියර් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

(UTV| කොළඹ) – සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පසුගිය මැයි 04 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අදාළ පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් උළුගේතැන්න වෙත නිල වශයෙන් ප්‍රදානය කරන ලදී.

එහිදී නාවික හමුදාධිපතිතුමන් විසින් නව තනතුරේ වැඩ භාර ගත් රියර් අද්මිරාල් උළුගේතැන්න වෙත සුභපැතුම් එක් කරන ලදී.

රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න කොළඹ රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි. එතුමා 1985 වර්ෂයේ 13 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා විධායක අංශයට එක් විය. මූලික පුහුණුව සාර්ථක ලෙස අවසන් කර 1987 වසරේ ජනවාරි මස 05 වන දින උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන එතුමන්, සිය තාක්‍ෂණික උප ලුතිනන් පාඨමාලාව 1988 දී ඉන්දියාවේ හදාරා ඇත. එතැන් සිට ක්‍රමාණුකූලව උසස් වීම් ලබමින් 2015 වර්ෂයේ ජුනි  මස 01 වන දින ඔහු රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.

ඔහුගේ සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රා, ගොඩබැසීමේ යාත්‍රා (Landing Craft) වේග ප්‍රහාරක මුර යාත්‍රා සහ නෞකාවන්හි අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට ඇත. තවද, එතුමා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික (ව්‍යාපෘති හා සැලසුම්), 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා සමුහයේ අණදෙන නිලධාරි, අධ්‍යක්‍ෂ නාවික අවි, අධ්‍යක්‍ෂ නාවික බුද්ධි, උතුරු විධානය භාර නියෝජ්‍ය ආඥාපති, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, දකුණු නාවික විධානය භාර ආඥාපති සහ ස්වේච්ජා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් රාජකාරී සිදු කරන ලදි. එමෙන්ම, රියර් අද්මිරාල් උළුගේතැන්න නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී විමට පෙර නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් කටයුතු කරන ලදී.

තවද, රියර් අද්මිරාල් උළුගේතැන්න අවස්ථා කිහිපයකදිම ඉන්දියාව, බිත්‍රාන්‍ය, ඊශ්‍රාලය සහ ඕස්ට්‍රේලියාව යන රටවල්වලදී උසස් නාවික පුහුණු පාඨමාලාවන් හදාරා ඇති අතර, අවි කටයුතු පිලිබද විශේෂඥයකු ලෙස සැලකෙන ඔහු ඒ සඳහා වැඩිදුර පුහුණුව ඉන්දියාවේ කොචී හි පිහිටි අවි පාසලෙන් හදාරා ඇත. තවද එක්සත් රාජධානියේ ඒකාබද්ධ සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් මාණ්ඩලික පාඨමාලාව හදරා ඇති එතුමන් එහිදී ආරක්‍ෂක අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගන්නා ලදි. එමෙන්ම, ඕස්ට්‍රේලියාවේ වුලෝග් විශ්ව විද්‍යාලයෙන් සමුද්‍රීය ප්‍රතිපත්ති පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද, ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සහ ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයෙන් ආරක්‍ෂක හා උපාය මාර්ගික අධ්‍යයනය සම්බන්ධයෙන් දර්ශනපති උපාධිය ද එතුමා හිමිකර ගෙන ඇත.

1987 වර්ෂයේ සිට ත්‍රස්තවාදය මැඩලීම සඳහා මුහුදින් සහ ගොඩබිමින් සක්‍රීයව දායකත්වය ලබා දුන් එතුමන්, මව්බිම වෙනුවෙන් ඉටු කළ අනගිභවනීය මෙහෙවර වෙනුවෙන් රණශූර පදක්කම දෙවතාවක් දිනා ගැනීම ද මොහුගේ රණගූරත්වය මැනවින් පිළිඹිබු කෙරෙන සාක්ෂි වේ. තවද, ඔහු විසින් දිනාගෙන ඇති අනෙකුත් පදක්කම් අතර විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම සහ උත්තම සේවා පදක්කම ඇතුළුව පූර්ණ භූමි පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ පදක්කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, රිවිරැස සංග්‍රාම සමූහ සේවා පදක්කම, 50 වන නිදහස් සැමරුම් පදක්කම, ශ්‍රී ලංකා නාවික හමුදා 50 වන සංවත්සර පදක්කම සහ උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම් ද හිමි කර ගෙන ඇත. තවද, එතුමාගේ මනා කැපවීම සහ මඟපෙන්වීම ඇගයීම සඳහා නාවික හමුදාධිපතිතුමන් විසින් ප්‍රශංසාත්මක ලිපි ද ප්‍රදානය කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යහපාලනයේ චෝදනාවන්ට ලක්වූ අයට නීතිමය පියවර [VIDEO]

Mohamed Dilsad

ජනපති සහ මැලේසියා අගමැති අතර හමුවක්

Mohamed Dilsad

සක්විති රණසිංහට ඇප

Mohamed Dilsad

Leave a Comment