ක්‍රීඩා

ස්කොට්ලන්ත තරඟය මාලිංගට අහිමි වුනේ ඇයි?

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගව ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට පෙර ස්කොට්ලන්තය සමග පැවැත්වෙන පළමු තරග දෙක අහිමි වී තිබේ.

ඒ  ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කළමණාකාරීත්වය ගත් තීරණයකට අනුවය.

ලසිත් මාලිංග IPL තරගාවලිය අවසන්වීමෙන් පසුව දින 10ක විවේකයක් ලබාදීමට අවධානය යොමු කළද පසුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඔහුට දින 6 විවේකයක් ලබාදීමට තීරණය කර තිබේ.

‘‘මාලිංග අපිට ඉන්න හොඳම වේග පන්දු යවන්නා. ඔහුට අයි. පී. එල්. තරගාවලියෙන් පසුව දින කිහිපයක විවේකයක් අවශ්‍යයි. ස්කොට්ලන්ත තරග දෙකට මාලිංග සහභාගි වෙන්නේ නැහැ. ’’ යැයි අසන්ත ද මැල් මහතා පවසයි.

කෙසේ වෙතත් ලසිත් මාලිංග ස්කොට්ලන්ත තරගාවලියට එක් නොවූවද කාඩිෆ් හී ශ‍්‍රී ලංකාව සහභාගි වන පුහුණු තරග දෙකට සහභාගි වීමට නියමිතය.

ස්කොට්ලන්තය සමග ශ‍්‍රී ලංකාව ලබන 18 වැනිදා සහ 21 වැනිදා එක්දින තරග දෙකකට සහභාගි වේ.

ලබන මස 1 වැනිදා ශ‍්‍රී ලංකාව ලෝක කුසලාන සමාරම්භක තරගයට නවසීලන්තය සමගින් සහභාගි වන අතර ඊට පෙර දකුණු අප‍්‍රිකාව සහ ඔස්ටේ‍්‍රලියාව සමගද පුහුණු තරග දෙකකට සහභාගි වීමට නියමිතව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019 ICC ක්‍රිකට් ලෝක කුසලානයට මැතිව්ස් අවශ්‍යමයි – සංගක්කාර

Mohamed Dilsad

T 20 ලෝක කුසලාන තරඟාවලිය කල් යයි ?

Mohamed Dilsad

නුවන් ප්‍රදීප්ට, ලෝක කුසලාන ඉදිරි තරඟය අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment