ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ශ්‍රී ලංකා ටෙලිකොම් අලුත්ම ” Voice App” එකක් හදුන්වාදෙයි.

(UTV| කොළඹ) –  ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) තම පාරිභෝගිකයන්ගේ ඇමතුම් සබඳතා ‘Voice connection’ සේවාව නව මානයකට රැගෙන යමින් සහ පාරිභෝගිකයා හට ඇමතුම් සන්නිවේදනයේ නවතම අත්දැකීමක් ලබාදෙමින් “SLT Voice App” හඳුන්වාදීමට සූදානම්ව සිටියි.

මෙම “SLT Voice App” සමඟ ප‍්‍රතිලාභ රාශියක් හිමිවන අතර පාරිභෝගිකයාගේ මනාපය අනුව රැහැන් සහිත ස්ථාවර දුරකථන සම්බන්ධතාවයට තමන් කැමති Smart Phone 04 ක් සම්බන්ධ කිරීමට හැකියාව තිබෙනවා.

ලියාපදිංචි වීම සඳහා www.slt.lk/voice වෙත පිවිස දුරකථන අංක 04 ක් ලියාපදිංචි කළ යුතුය.

“SLT Voice App” යෙදුම Android භාවිත කරන්නන්ට Play store හරහාද Apple භාවිත කරන්නන්ට Apple store හරහාද බාගත කරගැනීමට හැකියාව තිබෙනවා.

නමුත් “SLT Voice App” ඇමතුම් ලබාගැනීමේදී ඇමතුම ලබාගන්නා පාර්ශ්වය SLT Wifi ජාලයට සම්බන්ධ වී ඇත්නම් ඕනෑම තැනක සිට ඕනෑම දුරකථනයක් සඳහා ඇමතුම ලබාදීමට හැකිවන අතර ඇමතුම ලැබෙන පාර්ශ්වයට එම App එක හෝ අන්තර්ජාල සබඳතාවක් තිබීම අවශ්‍ය නොවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2015 පලවා හරින ලද අය නැවත බලයට එපා [VIDEO]

Mohamed Dilsad

පස්වරුවේ බොහෝ ප්‍රදේශ වලට වැසි

Mohamed Dilsad

පොල්තෙල් වලට වෙනත් තෙල් මිශ්‍ර කිරීම තහනම් කරමින් නව ගැසට්ටුවක් [GAZETTE]

Mohamed Dilsad

Leave a Comment