ප්‍රමුඛ පුවත 1

කිසිදු හේතුවක් මත වෙසක් උත්සවය අවලංගු නොකරන බව රජය කියයි

(UTV| කොළඹ) – ජාතික වෙසක් උත්සවය කිසිදු හේතුවක් නිසා අවලංගු නොකරන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

ඒ අනුව එය සැළසුම් කළ පරිදි හික්කඩුව තොටගමුව රන්පත් විහාරයේ පවත්වන බව අමාත්‍යවරයා අවධාරණය ක‍ළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාතික වෙසක් දින උත්සවය සංවිධානය කිරීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමක දී අදහස් දක්වමිනි.

මෙහි දී අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අදහස් දක්වමින් පැවසුවේ..

” ගාල්ල දිස්ත්‍රික්කයට ජාතික වෙසක් උත්සවය පවත්වන්න අවස්ථාව ලැබුණේ ඉතිහාසයේ ප්‍රථම අවවස්ථාවටයි. අපි ඒ සඳහා මාස ගණනක සිට සූදානම්ව සිටිනවා.ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් විශේෂ අවධානයක් යොමු කරලා ආරක්ෂාව පිළිබඳ තහවුරු කර තිබෙනවා.ජාතික වෙසක් උත්සවය පවත්වන හික්කඩුව තොටගමුව රන්පත් රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු කිසිම බාධාවකින් තොරව සිදුකෙරෙනවා.ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විසින් කෝටි ගණනක සංවර්ධන කටයුතු එම විහාරස්ථානය මුල්කරගෙන සිදුකරනවා”.

“කිසිම හේතුවක් නිසා ජාතික වෙසක් දින උත්සවය පැවැත්වීම නවත්වන්නේ නැහැ. ඉදිකිරීම්, සැරසිළි කටයුතු දැනටමත් කරනවා. මෙම ජාතික වෙසක් උත්සවයට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කය පුරාමත් සමස්ථ ශ්‍රී ලංකාවේමත් වෙසක් සැමරීම ඉතා උත්කර්ෂවත් ලෙස සිදුකිරීමට අපි කටයුතු යොදනවා.රජයක් ලෙස ඊට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට කටයුතු කර තිබනෙවා. නමුත් ඇතැම් වෛරී දේශපාලනයේ යෙදෙන අය අසත්‍ය ප්‍රචාර කරගෙන යනවා”.

“ගාල්ලේ ඉස්ලාම් පල්ලි පරීක්ෂා කළේ නැහැ කියනවා. පරීක්ෂා කිරීම්වටල අපි ඉඩ දුන්නේ නැහැ කියා කියනවා.බෝම්බ ප්‍රහාරය සිදුවූ වහාම අපි ගාල්ලේ ආරක්ෂක කමිටුව කැඳවලා ගාල්ල දිස්ත්‍රික්කයේ ම තිබෙන සියලුම මුස්ලිම් පල්ලි පරීක්ෂා කරන්න කියා ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නා.එපමණක් නොවෙයි ගාල්ලේ සැකකටයුතු යම් ස්ථානයක් තිබේනම් එය ද පරීක්ෂා කරන්න කියා අපි ත්‍රස්තවාදී ප්‍රහාරය සිදුවූ දිනයේ ම උපදෙස් දී තිබෙනවා”.

“දැන් ඒ පිළිබඳ වාර්තා පවා අපි ලබාගත්තා. සමාජ ජාල ඔස්සේ වෛරය වපුරවමින් රටේ ජාතිවාදය අවුස්සා කෝලාහල ඇතිකරන්න උත්සාහ ගන්නා පිරිස්, දේශපාලන පටු පරමාර්ථ මුදුන්පත් කරගන්න උත්සාහ ගන්නා පිරිස් පතුරුවන අසත්‍ය කතා වලට රැවටෙන්න එපා කියලා අපි ඉල්ලා සිටින්න කැමතියි. මෙවැනි අය පිළිබඳ දැන් රහස් පොලිසියට පැමිණිලි කරලා තිබෙනවා. ජාතිවාදය පතුරුවන එවැනි අයට සුදුසු දඬුවම් ඉදිරියේ දී නීත්‍යානුකූළවම ලැබේවි.”

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සහරාන්ගේ බවට සැක කෙරෙන ලැප්ටොප් පරිගණකයක් හමුවේ.

Mohamed Dilsad

උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා විශේෂ වැටලීම්

Mohamed Dilsad

ශිෂ්‍යත්වය සම්බන්ධව තීරණයක් ගැනීම අත්‍යවශ්‍යයි – අධ්‍යාපන ඇමති…

Mohamed Dilsad

Leave a Comment