(UTV| කොළඹ) – ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායකයා වූ මෙහොමඩ් සහරාන් කාෂිම්ගේ DNA හඳුනාගැනිමට අධිකරණය නියෝග කරයි.
ඒ අනුව ඔහුගේ සහෝදරිය කොළඹ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් මඩකලපුව බන්ධනාගාර අධිකාරිවරයා වෙත අදාළ නියෝගය ඊයේ(09) ලබාදී ඇත.
අද(10) සිට ලබන 15 දින දක්වා කාලය අතරතුර එම සැකකාරිය කොළඹට රැගෙන එන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධීකාරිවරයාට නියෝග කර තිබේ.
පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට දැනුම් දුන්නේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මාරාගෙන මැරෙන ප්‍රහාරයට මොහොමඩ් සහරාන් කාෂිම් සමග මොහොමඩ් ඉන්සාම් ඊබ්‍රහිම් යන දෙදෙනා සහභාගීවී ඇති බවයි.
එහිදී සිදුවූ පිපිරිම් දෙකෙන් පුද්ගලයින් 36 දෙනෙකු මියගොස් තවත් 34දෙනෙකු තුවාල ලබා ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබේ.
එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ඇති ඔවුන්ගේ හිස් කොටස් ඉදිරිපත් කර DNA පරික්ෂණයක් මඟින් අනන්‍යතාව තහවුරු කර ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර ඇත.
ඒ අනුව දැනට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ සිටින මොහොමඩ් ඉන්සාම් ඊබ්‍රහිම් නමැත්තාගේ පියා සහ සහෝදරයින් දෙදෙනා ද රුධිර සාම්පල ලබා ගැනීම සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
අදාළ බෝම්බ පිපිරිම් වලට භාවිතා කළ බවට සැකකෙරෙන සුඛෝපබෝගි වාහන දෙකක් ඇතුළු වාහන 07ක් සම්බන්ධයෙන් රජයේ රස පරික්ෂකවරයාගේ වාර්තාවක් කැඳවන ලෙසට ද කොටුව මහේස්ත්‍රාත්වරයා මෙහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
ෂැංග්‍රිලා හෝටලයට ප්‍රහාර එල්ල කළ බෝම්බකරුන්ට එම හෝටලයේ කාමර වෙන්කරවාගෙන ඇත්තේ ඉන්සාම් අහමඩ් නමැති වැල්ලම්පිටිය තඹ කම්හල හිමි කෝටිපති ව්‍යාපාරිකයා බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී තිබේ.
ඔහු ද සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී බෝම්බ පුපුරවාගෙන මියගොස් ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී ඇත.
මීට අමතරව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන ඇති ඝාතනයට ලක් වූ සහ ඔවුන්ගේ ඥාතීන් භාරයේ තිබු රන් ආභරණ, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත ඉදිරිපත් කොට වාර්තාවක් කැඳවන ලෙස ද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර තිබේ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]