ප්‍රමුඛ පුවත 1

රටේ එක නීතියක් ක්‍රියාත්මක කරන්න සියලු ජාතීන්ගේ සහාය අවශ්‍යයි.

(UTV| කොළඹ) – නීතිය රටේ පොදු නීතියක් බවට පත් කරන්න නායකත්වය ගන්නා විට ඒ සඳහා සියලු ජාතීන්ගේ සහාය අවශ්‍ය වන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කර සිටියි.

නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ ඊයේ (9) පාර්ලිමේන්තු මන්ත්‍රි මනූෂ නානායක්කාර මහතා විසින් එකම රටක් එකම නීතියක් යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කල් තැබීමේ යෝජනාව පිළිබඳව පිළිතුරු කතාව සිදු කරමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.

“අප්‍රේල් 21 රටේ ඇති වු තත්වයත් එක්ක සහ අපි සියලු දෙනාම එකම ශ්‍රී ලාංකිකයින් ලෙස ජීවත් විය යුතුයි කියලා කල්පනා කරන්න ආරම්භයක් ඇති කර ගන්න මේ ඉදිරිපත් කරපු යෝජනාව ගැන අපි සන්තෝෂ වෙනවා.අපි ඈත ඉතිහාසය දිහා බලන කොට අවුරුදු දහස් ගණනක් ඈතට ගිහිල්ලා බැලුවොත් අපේ රටේ බහු වාර්ගික බහු ආගමික බහු සංස්කෘතික රටක් හැටියට ඉතිහාස ගත වෙලා තියෙනවා.ඉතිහාසයේ මේ රටේ ජාතීන් ඉතාමත් සමගියෙන් කටයුතු කරමින් ජීවත් වෙලා තියෙනවා.අපි රජය හැටියට රජයේ අවශ්‍යතාවය හා කැපවීම සියලු ජාතීන් ගරු කරමින් ජීවත් විය යුතුයි කියන එකයි.අද එකම රටක් එකම නීතියක් යටතට පත් කරන කොට සමහර වෙලාවට නොයෙකුත් අපහසුතා අති වෙන්නේ අද රටේ නීතිය  තුළ එක එක ජන වර්ගවලට වෙන් වෙන්ව නීති ඇති වෙලා තියෙන නිසා ඉංග්‍රිසී නීතියත් රෝම ලන්දේසි  නීතියත් විදිහට අද පොදු නීතියක් පවතින වෙලාවක විශේෂයෙන්ම තේසවලාමේ නීතියත් මුස්ලිම් නීතියත් ඒ වගේම අපි සිංහල ජාතිකයින් පිරිසකට උඩ රට නීතියත් විදිහට බලපානවා”.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් නිලධාරීන් අට දෙනෙකුගේ වැඩ තහනම් කෙරේ[VIDEO]

Mohamed Dilsad

බ්ලුමැන්ඩල් කුණු කන්දේ ගින්නට හේතුව සොයයි

Mohamed Dilsad

දුම්රිය වර්ජකයින්ට එරෙහි දැඩි පියවර

Mohamed Dilsad

Leave a Comment