ප්‍රමුඛ පුවත 1

බලපත්‍ර රහිත පුපුරණ ද්‍රව්‍ය භාරදීමට පොලීසියෙන් කාලයක්.

(UTV|කොළඹ) -බලපත්‍ර රහිතව පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටීම ගැන පොලිසිය දැනුවත් කර ඒවා භාරදීමට දින 03 ක කාලයක් ලබාදී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියි.

අද (11) පෙ.ව 6.00 සිට ලබන අඟහරුවාදා පෙ.ව 6.00 දක්වා කාලසීමාව තුළ ළඟම පිහිටි පොලිස් ස්ථානයට පැමිණ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගැනීමට හේතුව සහ ඒ පිළිබඳ තොරතුරු ලබාදිය හැකි බව ඔහු වැඩිදුරත් පවසයි.

එහිදී බලපත්‍ර රහිතව හෝ වෙනත් ආකාරයකින් පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින තැනැත්තන් විසින් එකී පුපුරණ ද්‍රව්‍ය පිළිබඳවත් එය තබා ඇති ස්ථානය පිළිබඳවත් ළඟම පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපති වෙත දැනුම් දිය හැකිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සී.වී විග්නේෂ්වරන්ට සපයා තිබූ ආරක්ෂාව ඉවත් කරයි….

Mohamed Dilsad

ආපදා හේතුවෙන් විභාග කල් යයි

Mohamed Dilsad

හජ් උත්සවය නිසා මුස්ලිම් පාසල්වල තුන්වන වාරය ආරම්භ වන දිනයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment