ප්‍රමුඛ පුවත 1

සූරියවැව මහජන පොළ දින 07 කට වාරණයක්.

(UTV|කොළඹ) – හම්බන්තොට දිසා මහේස්ත්‍රාත් අධිකරණය විසින් නවීකරණය කෙරුණු සූරියවැව මහජන පොළෙහි වෙළදාම් කිරීම දින 07 කට අත්හිටුවමින් සූරියවැව ප්‍රාදේශීය සභාවට වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, එම පොළ නිසි පරිදි වැඩ අවසන් කර සූරියවැව ප්‍රාදේශීය සභාවට භාර දෙනතුරු එහි වෙළදාම් කටයුතු සිදුනොකරන ලෙස වාරණ නියෝගයක් ලබාදෙන්නැයි සූරියවැව පොලීසිය කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින්.

නවීකරණය කෙරුණු පොළ භූමිය නිසි පරිදි භාරදීමට පෙර එහි වෙළදාම් කටයුතු සිදුකිරීමෙන් ඉදිකිරීම් සදහා රැගෙනවිත් ඇති දේපලවලට හානි සිදුවිය හැකි බව පවසමින් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සූරියවැව පොලීසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මදුෂ්ගේ ගෝලයා රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

Mohamed Dilsad

ලාංකිකයන්ට උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාවක්

Mohamed Dilsad

මහාචාර්ය විනී විතාරණ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment