Trending News

පැහැරගත් ශ්‍රී ලාංකිකයින් සියලුදෙනා නෞකාව සමගින් බේරා ගැනේ

(උදයම්,කොළඹ) – සෝමාලි මුහුදු කොල්ලකරුවන් පැහැර ගත් ඒරිස් – 13 ඉන්ධන නෞකාව සහ කපිතාන්වරයා ඇතුලූ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලය ඊයේ (16) රාත්‍රියේ මුදා හැර තිබේ.

කප්පම් ලබාදීමකින් තොරව ඔවුන් සියලූදෙනා නෞකාව සමග මුදා හැර ඇති බව වාර්තාවේ.

2012 වසරෙන් පසු මෙලෙස සෝමාලි මුහුදු කොල්ලකරුවන් පැහැර ගත් නෞකාවක් සාකච්ඡා මාර්ගයෙන් මුදා ගත් ප්‍රථම අවස්ථාව මෙයවීම විශේෂත්වයකි.

මේ වනවිට මුදා ගත් නෞකාව සමගින් ශ්‍රී ලාංකිකයින් 8 දෙනා සෝමාලියාවේ බොසාසෝ වරාය වෙත රැගෙන යමින් සිටින බව වාර්තාවේ.

මුදා ගත පිරිස පිළිගැනීම සඳහා සෝමාලියානු බලධාරින් උත්සවයක් ද සංවිධාන කර ඇති බව එරට වාර්තා වල දැක්වේ.

පැහැර ගැනීමට නෞකාවේ සෝමාලි මුහුදු කොල්ලකරුවන් 70 කට ආසන්න පිරිසක් සිටි බව එහි කපිතාන් නිකලස් ඇන්තනී සඳහන් කර තිබුණි.

Related posts

ஆணைக்குழு ஒன்றை நியமிக்க உத்தேசம்…

Mohamed Dilsad

புதிய இராஜதந்திரிகள் ஐவர் நியமனம்

Mohamed Dilsad

Fuel prices increased [UPDATE]

Mohamed Dilsad

Leave a Comment