ප්‍රමුඛ පුවත 1

සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් අනතුරට.පුද්ගලයින් 65දෙනක් මරුට

(UTV| ටියුනීසියාව) – යුරෝපය බලා ගමන් කරමින් තිබූ සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහි ගමන් ගත් පුද්ගලයින් 16 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඉන් එක් අයෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා ලිබියාවේ සුවාරා ප්‍රදේශයෙන් මොවුන් ගමන් ආරම්භ කර ඇති අතර, යාත්‍රාව අනතුරට ලක්ව ඇත්තේ ටියුනීසියානු මුහුදු සීමාවේදිය.

සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ වසරේ මේ දක්වා කාලසීමාව තුළ සරණාගතයින් 164 දෙනෙකු මෙම මුහුදු සීමාවේදී යාත්‍රා අනතුරුවලට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමැති වජිර අබේවර්ධනගේ යෝජනාව ප්‍රතික්ෂේප වෙයි…

Mohamed Dilsad

පාකිස්තාන විදේශ අමාත්‍ය අද ජනාධිපති හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

තඹ කර්මාන්ත ශාලාවේ එක් සැකකරුවෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට.

Mohamed Dilsad

Leave a Comment