ප්‍රමුඛ පුවත 1

රටින් පැන ගිය බවට කල චෝදනාවට ඇමති රිෂාඩ් පිළිතුරු දෙයි (වීඩියෝ)

(UTV| කොළඹ) – පසුගියදා මම ඕමාන සංචාරයක නිරත වීමෙන් පසු තමන්ට රටින් පැන ගිය බවට සාවද්‍ය ලෙස චෝදනා කල බව සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ(ACMC) නායක හා කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත  විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එහිදී අමාත්‍යවරයා සඳහන් කලේ තමන් ඕමානය බලා ගියේ නිල රාජකාරි ගමනක් සඳහා බවයි.එහිදී  ශ්‍රී ලංකාවෙන් පලා ගිය බව පවසමින් විවිධ පුද්ගලයන් විසින් තමන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.

එලෙස ඔවුන් චෝදනා කර තිබුනේ මෙම සංචාරය පිළිබඳ හරි හැටි කරුණු සොයා බලන්නේ නැතිව කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයා සඳහන් කළේ ය. තවත් ඇමතිවරු කිහිප දෙනෙක් සමඟ තමන් ඕමානය බලා ගියේ රජයේ ශ්‍රී  ලංකාව සඳහා රුපියල් බිලියන ගණනක ව්‍යාපෘතියක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බවත් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයාගේ ප්‍රකාශය මෙසේය.

” මම පසුගිය දිනෙක රාජකාරි කටයුත්තක් සඳහා ඕමානය බලා ගිය අවස්ථාවේ සමහර පුද්ගලයන් හා ජනමාධ්‍ය චෝදනා කළේ මම රටින් පැන ගිය බව යි. කිසිදු කරුණක් හරියාකාරව සොයා නොබලා, තොරතුරු සනාථ කරගැනීමෙන් තොරවයි ඔවුන් ඒ විදියට චෝදනා කළේ. ඇමැතිවරුන් කණ්ඩායමක් සමග අපි ඕමානයේ දී සාකච්ඡුා කළේ ශ්‍රී ලංකාවට කෙරෙන රුපියල් බිලියන ගණනක ආයෝජනයක් ගැනයි”.

මම ආපසු පැමිණීමෙන් පසු චෝදනාව ඔවුන් කරපු එම චෝදනාව ගැන කතා කිරීම දැන් නවතා දමා තිබෙනවා.ඊට අමතරව තවත් චෝදනා ගණනාවක් මා වෙත එල්ල කෙරුණා. කෙතරම් දරුණු ලෙස මේ චෝදනා කළා ද කිවහොත්, මාව ත්‍රස්තවාදියෙකු ලෙස නම් කරන්න එතරම් උත්සාහ ගන්නේ ඇයි කියලා සමහර ජනමාධ්‍යවලින් පෙරළා ප්‍රශ්න කරන්න මට සිදු වුණා.

මට මේ නගන චෝදනාත් රටින් පැන ගියා කියා කළ චෝදනාවට සමානයි. පදනමක් නැහැ .සනාථ කිරීමට කරුණු නැහැ.

“මගේ ලේකම්වරයෙක් ඩෙටනේටර් සමග අත්අඩංගුවට අරන් නිදහස් කළ බවට ඔව්හු චෝදනා නගති. මේ සිද්ධියට සම්බන්ධ වූයේ මගේ ලේකම්වරයෙක් නොවේ. පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අපේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලූ කෙනෙකි. ඔහු අත්අඩංගුවට පත් වුණු බව සත්‍යයක්. නමුත් දින කීපයකට පසුව අධිකරණයේ දී සියලූ කරුණු හෙළිදරව් විණි. අධිකරණය මගින් ඔහු නිදහස් කෙරිණා”.

“මගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන නිදහස් කළා යැයි පැවසීමත් සම්පූර්ණ බොරුවකි. ආරක්ෂක හමුදා සහ පොලිසිය එක්ව පසුගිය දිනෙක මන්නාරම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් කලා. ඒ අවස්ථාවේ මගේ සහෝදරයා නැවතී සිටියේ සෝදිසි මෙහෙයුම කරන ප්‍රදේශය තුළ වූ සංචාරක බංගලාවක. ඒ බංගලාවත් සෝදිසි කළ අතර, මල්ලීගෙනුත් තොරතුරු විමසා තිබෙනවා. අවශ්‍ය ඕනෑම කෙනෙකුට මන්නාරම පොලිසියෙන් විමසා ඒ ගැන සත්‍යය සොයා ගන්න පුළුවන්”.

“මට එල්ල කළ ඊළඟ චෝදනාව වන්නේ මගේ සහෝදරියකගේ නිවෙසක් ත්‍රස්තවාදීන්ට කුලියට ලබා දුන් බවය. මගේ සහෝදරිය සහ ඇගේ ස්වාමියා දැනට වසර පහක පමණ කාලයක සිට වාසය කරන්නේ කැනඩාවේය. ඇය විවාහ වූ තැනැත්තාගේ මහගෙදර එහි භාරකරුවා කුලියට දී තිබුණා.පසුගිය පෙබරවාරියේ කුලියට සිටි අය ඉවත් ව ගිය පසු වෙබ් අඩවියක දැන්වීමක් දමා ඒ නිවාසය වසරක කාලයකට කුලියට දී තිබෙන්නේ. මා එවැන්නක් දැන සිටියේවත් නැහැ. එය මට අයත් පුද්ගලික කාර්යයක් ද නොවේ. එවන් පසුබිමක මට චෝදනා නැගීම සාධාරණ ද කියා සිතා බැලීම ඔබට භාරයි”.

“බෝම්බකරුවන් දෙදෙනකුගේ පියා වන මොහාමඞ් ඊබ්‍රාහිම් සමග මගේ සහෝදරයා ව්‍යාපාර කළ බවට කරන චෝදනාවත් සම්පූර්ණ අසත්‍යයක්. ඊබ්‍රාහිම් සහ ඔහු ප්‍රධානත්වය දැරූ කොළඹ වෙළෙඳ සංගමයේ සාමාජිකයන් සමග අවස්ථා කීපයක දී මා සහ අමාත්‍යංශ නිලධාරීනුත් සමග සාකච්ඡුා පවත්වා තිබෙනවා. නමුත් මගේ සහෝදරයා සහ ඒ ව්‍යාපාර අතර සම්බන්ධයක් නැහැ.යම් යම් අමුද්‍රව්‍ය ත්‍රස්තවාදීන්ට :

“යම් යම් අමුද්‍රව්‍ය මම ත්‍රස්තවාදීන්ට ලබා දුන් බවට ද බරපතල චෝදනාවක් නගා තිබේ. අපේ අමාත්‍යාංශය යටතේ ඇති කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මගින් කර්මාන්තශාලා වෙත අමුද්‍රව්‍ය සැපයීමෙන්, තාක්ෂණය හා අලෙවිය සඳහා උදව් ලබාදීමෙන් සහය වීම සිදු කෙරෙනවා.2005 වසරේ සිට අනුගමනය කරන ක්‍රමය වෙන්නේ අමුද්‍රව්‍ය අවශ්‍ය කර්මාන්තශාලා පුවත්පත් දැන්වීමක් මගින් ලියාපදිංචි කිරීමයි. ලියාපදිංචි වූ කර්මාන්තශාලා වෙත අවශ්‍යතාව අනුව අමුද්‍රව්‍ය සපයනු ලැබේ. මේ වසරේ එසේ ලියාපදිංචි වුණු කර්මාන්ත ශාලා 300 ක් තිබෙනවා. ඒ කර්මාන්ත ශාලාවන්ට නීත්‍යානුකූල ලෙසයි අමුද්‍රව්‍ය ලබා දී තිබෙන්නේ”.

“වැල්ලම්පිටියේ මේ කර්මාන්ත ශාලාවට වැඩි සැලකිල්ලක් දක්වන ලෙස යම් යම් පුද්ගලයන්ගෙන් ඉල්ලීම් තිබුණත්, අපේ අමාත්‍යංශය කිසිවිටෙක නීතියට පිටින් කටයුතු කර නැහැ.මේ පිළිබඳව අමාත්‍යංශ ලේකම්තුමා පත් කළ ස්වාධීන කමිටුවක් මගින් විශේෂ වාර්තාවක් ද අපි ලබා ගත්තෙමු. ඒ වාර්තාව මේ වන විට ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් බාරදී ඇත. වරදක් වී ඇත්නම් ඒ වාර්තාව අනුව පියවර ගැනීමට හැකි”.

“විල්පත්තුවේ කැලෑබද ප්‍රදේශයකින් පුපුරන ද්‍රව්‍ය සහ අවි ආයුධ සොයා ගැනීම ගැන චෝදනා නගන අය එය මා නියෝජනය කරන ප්‍රදේශයට අයත් බවට අසත්‍ය ප්‍රචාරයක් ගෙන යනවා. වනාතවිල්ලූව මා නියෝජනය කරන මන්නාරම දිස්ත්‍රීක්කයට අයත් ප්‍රදේශයක් නොවේ. මේ සියල්ලෙන් උත්සාහ කරන්නේ මා හට අසත්‍ය චෝදනා එල්ල කිරීමටයි”.

“බෝම්බකරුවකුගේ බිරිඳගේ තාත්තා අපේ පක්ෂයේ විධායක කමිටුවේ සාමාජිකයෙකි. එය මට චෝදනා නැගිය හැකි අන්දමේ වරදක් ද? බෝම්බකරුගේ පියා වන ඊබ්‍රාහිම්, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සාමාජිකයෙකි. එසේ වූ පමණින් ජනතා විමුක්ති පෙරමුණට ත්‍රස්තවාදී චෝදනා නැගීම සාධාරණද?
තමන්ට අවුරුදු පහක් තිස්සේ කෑම බීම හදා දුන් පුද්ගලයා තමන් මරා දැමීමට සම්බන්ධ වූ හැටි ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා පෙන්වා දුනි. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය කළේ සුචරිතයේ නිතර ගැවසුණු බාබු ය”.
ඒ කරුණු පදනම් කරගනිමින් ප්‍රේමදාස මහතා හෝ ෆොන්සේකා මහතා ත්‍රස්තවාදීන් කියා තර්ක කළ හැකිද?

“මේ අතර මගේ ව්‍යාපාර සහ ආදායම් ගැනත් එක් එක් චෝදනා නගා තිබේ. එස්. බී. දිසානායක මහතා පුවත්පත් සාකච්ඡා පවත්වමින් අසත්‍ය තොරතුරු ගණනාවක් ප්‍රකාශ කර තිබෙනවා. දින පනස් දෙකේ කුමන්ත්‍රණයේ දී මම එතුමාගේ ආරාධනය ප්‍රතික්ෂේප කිරීමේ පලිය ගැනීමට මේ ආකාරයට චෝදනා නැගීම පහත් දේශපාලනයක්”.

“මම එක් දෙයක් අවධාරණය කරනු කැමැති. දේශපාලනයට පිවිසි දවසේ සිට මගේ වත්කම් බැරකම් ප්‍රකාශ මම ඉදිරිපත් කර ඇත්තෙමි. ඕනෑම කෙනෙකුට ඒවා පරීක්ෂා කරලා බැලීමට හැකි. ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට බියක් මා තුළ නැත්තේ කිසිදු අයථා ක්‍රමයකින් මම මුදල් උපයා නැති බැවින්”.

“එලෙසම මට විරුද්ධව බොරු චෝදනා නගන පුද්ගලයන් හා මාධ්‍ය ආයතන පිළිබඳ නීතියට අනුව කටයුතු කිරීමට මම දැනටමත් පියවර ගෙන ඇත්තෙමි. ඒ අවස්ථාවල දී ඔවුන් කියූ දේ සත්‍යය බව නීතිය ඉදිරියේ ඔප්පු කරන්න ඔවුන්ට සිදු වනු ඇත. මගේ නිවැරදි බව මම ඔප්පු කරන්නෙමි”.

“මේ චෝදනා කරන අය දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නේ සැබෑ ත්‍රස්තවාදියා හා සැබෑ අන්තවාදියා ආරක්ෂා කිරීමය. සැබෑ ත්‍රස්තවාදියා වෙත අවධානය යොමු වෙන්නට ඉඩ නොදී මා වෙත ඇඟිල්ල දිගු කිරීම”.අපි දැඩි ඉස්ලාම් භක්තිකයන් වෙමු. අල්ලා දෙවියන් වහන්සේ ත්‍රස්තවාදය අනුමත කරන්නේ නැහැ. අන්තවාදය අනුමත කරන්නේ ද නැහැ”.

‘මම කිසිම ත්‍රස්තවාදයකට සම්බන්ධ නැහැ. මම ත්‍රස්තවාදයට අනුබල නොදෙන්නෙමි. මම ත්‍රස්තවාදයට විරුද්ධයි. මම ත්‍රස්තවාදයෙන් බැට කෑ පුද්ගලයෙක්.
මම කිසිම අන්තවාදයකට සම්බන්ධ නැහැ. මම අන්තවාදයට අනුබල නොදෙන්නෙමි. මම අන්තවාදයට විරුද්ධයි.

“මේ ත්‍රස්තවාදය නිසා, අන්තවාදය නිසා විනාශ වූ ජීවිත ගැන මම දැඩි ලෙස කම්පා වන්නෙමි. ඒ සියලූ දෙනා වෙත මගේ ශෝකය පළ කරන්නෙමි. තුවාල ලැබූ සියලූ දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. මේ අසීරු අවස්ථාවේ සාමය සහ සංහිඳියාව වෙනුවෙන් ඇප කැපවුණු සියලූ දෙනාට හිස නමා ස්තුතිය පුදනවා”.

“විශේෂයෙන්ම අපේ මැල්කම් රංජිත් කාදිනල්තුමාට ගෞරවය පළ කරනු කැමැත්තෙමි. ඒ ලෙසින්ම මහානායක ස්වාමීන් වහන්සේලාට, හින්දු පූජක තුමන්ලාට, මවුලවිතුමන්ලාට කෘතවේදීත්වය පළ කරමි”.

“සාමය ආරක්ෂා කිරීමට කැපවී ක්‍රියා කළ පොලිසිය, ත්‍රීවිධ හමුදා, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, ග්‍රාමීය නායකයින්ට ස්තුතිය පළ කිරීමට කැමැත්තෙමි”.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු මහ නායක හිමියන් වෙත

Mohamed Dilsad

ෆීල්ඩ් මාෂල් ධුරයට හිමි ගෞරවය නිසි පරිදි ලැබෙන්නේ නැහැ…

Mohamed Dilsad

Leave a Comment