විදෙස්

ත්‍රස්තයින් එල්ල කල ප්‍රහාරයකින් බුර්කිනෝ ෆාසෝහි දෙවස්තානයක සිටි 6කු මරුට

(UTV|බුර්කිනෝ ෆාසෝ) –  බුර්කිනෝ ෆාසෝ උතුරු ප්‍රදේශයේ පිහිටි ඩබ්ලෝ (Dablo) නගරයේ දේවස්ථානයකට ගිනි තබා ඇති තුවක්කුකරුවන් දේවගැතිවරයකු ඇතුළු හය දෙනෙකු ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දේව මෙහෙයක් පැවැත්වෙන අතරවාරයේ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ බලධාරීන් පවසයි.

 ඩබ්ලෝ හි නගරාධිපතිවරයා  ඒඑෆ්පී පුවත් සේවයට පවසා ඇත්තේ “සන්නද්ධ පුද්ගලයන් කතෝලික දේවස්ථානයට කඩා වැදුනා .එහිදී බැතිමතුන් පලා යාමට උත්සාහ කරන කොට ඔවුන් වෙඩි තියන්න පටන් ගත්තා” බවයි.

මෙම සිදුවීමෙන් පසු නගරයේ මිනිස්සුන් තැති ගෙන ඇති අතර ජනතාව නිවාස තුලට වී සිටින බව විදෙස් වාර්තා වල දැක්වේ.

කඩ සාප්පු වසා දමා ඇති අතර  ඩබ්ලෝ නගරයම පාලු සොහොන් පිටියක් ලෙස දැකිය හැකි බවද වාර්තාවේ.

අල් කයිඩා සංවිධානයට, IS ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට සහ අන්සරුල් ඉස්ලාම් සන්නද්ධ සංවිධානයට සම්බන්ධ ප්‍රහාරකයින් එම කලාපය තුළ ක්‍රියාත්මකව බව විදෙස් වාර්තා අනාවරණය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය අගමැති නැවතත් ජාතිය අමතයි

Mohamed Dilsad

ෆිජි දුපත් වලට සහ බ්‍රිතාන්‍යට භූ කම්පන වලින් බලපෑම්

Mohamed Dilsad

ජගත් සංවිධානයෙන් නොමිලයේ ලබාදෙන ප්‍රථම කොරෝනා එන්නත් තොගය ඝානාවට

Mohamed Dilsad

Leave a Comment