ප්‍රමුඛ පුවත 1

රක්ෂිතවල පස්, වැලි, බොරළු සහ කළුගල් කැණීම සදහා බලපත්‍ර ලබාදීම තාවකාලිකව නතර කරයි

(උදයම්,කොළඹ) – වන සංරක්ෂණයට අයත් රක්ෂිතවල පස්, වැලි, බොරළු සහ කළුගල් කැණීම සදහා බලපත්‍ර ලබාදීම තාවකාලිකව නතර කර ඇති බව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව් පවසයි.
මෙතෙක් පුද්ගලිකව සහ විවිධ සමාගම් මගින් ඉදිරිපත් වී බලපත්‍ර ලබා ගනිමින් අදාළ කැණීම් සිදුකළ බව වන සංරක්ෂණ ජනරාල් අනුර හතුරුසිංහ මහතා පැවසීය.
නමුත් පවතින පාරිසරික අර්බුධ පිලිබඳ සලකා බලා මින් ඉදිරියට එම සියළු අවශ්‍යතාවයන් සදහා රජයේ ආයතනයක් මගින් සිදුකිරීමට තීරණය කර තිබේ.
නිසි ක්‍රමවේදයකින් තොරව පස්, වැලි, බොරළු සහ කළු ගල් කැණීම සිදුවන බවට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

Related posts

කසල තේ කිලෝ දහතුන්සහසකට අධික තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

පාර්ලිමේන්තු ගැලරිය හෙටත් මහජනතාවට වැසේ.

Mohamed Dilsad

වාද්දූව සහ සීනිගම රථ වාහන ගමනාගමනය සීමා වෙයි

Mohamed Dilsad

Leave a Comment