ප්‍රමුඛ පුවත 1

වයඹ ගැටුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කණගාටුව.

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ සිදුවූ ප්‍රචණ්ඩ සිදුවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය කණස්සල්ල පළ කර තිබේ.

නොසන්සුන් වාතාවරණය හට ගැනීමත් සමග එය මැඩ පැවැත්වීමට කඩිනමින් ආරක්ෂක අංශ යෙදවීමට රජය ගත් පියවරත් මෙහිදී ඔවුන් විසින් අගය කොට ඇත.

රජය, විපක්ෂය ,සිවිල් සංවිධාන, ආරක්ෂක අංශ , සර්ව ආගමික කණ්ඩායම් සියල්ල එක්ව මෙම තත්ත්වය නතර කර ගැනීමට පියවර ගත යුතු බවත් ඔවුන් නිවේදනය කරයි.

එසේ නොවුණහොත් පවතින තත්වය උග්‍ර වනු ඇති බවටද එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අගවයි.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් වගකිව යුත්තන් නීතිය හමුවට පමුණුවා වරදකරුවන් වුවහොත් නීතිය උපරිමයෙන් ක්‍රියාවට නංවන ලෙසටද එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සතියක් තුළදී පොහොර තොග ගොවි ජන සේවා මධ්‍යස්ථාන වෙත යවන්න -ඇමති උපදෙස්

Mohamed Dilsad

ඉන්දීය ආරක්‍ෂක ලේකම් මෙරට ආරක්‍ෂක ලේකම්වරයා හමුවීමට සුදානම්

Mohamed Dilsad

පරිපාලන සේවයේ නිළධාරීන් ඇතුළු විධායක දීමනා නිළධාරීන්ට දීමනාවක්

Mohamed Dilsad

Leave a Comment