ප්‍රමුඛ පුවත 1

මැයි 20 වනදා රජයේ නිවාඩු

(UTV| කොළඹ) – මැයි මස 20 වන සඳුඳා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ අද(15) ගාල්ලේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය සෙනසුරාදා(18) යෙදී තිබීමත් පොහොයට පසු දින නිවාඩු දිනය(19) ඉරිදා දිනයක් වීමත් හේතුවෙන් මැයි මස 20 වන දින මෙලෙස රජයේ නිවාඩු දිනයක් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පුත්තලම – මන්නාරම,එළුවන්කුලම ප්‍රදේශය තාවකාලිකව වසයි

Mohamed Dilsad

වට්ස්අප් සහ මැසෙන්ජර් යළි සක්‍රීයයි

Mohamed Dilsad

නව මැතිවරණ ක්‍රමයෙන් රට අස්ථාවර වීමේ අවධානමක් – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

Leave a Comment