(UTV| කොළඹ) – පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් අපහසුතාවයට පත් වූ සංචාරක ක්ෂේත්රය ඇතුළු අනිකුත් සේවාවන්වල රැකියාවේ නිරත වන පුද්ගලයන්ට සහන ලබා දීමට රජයේ අවධානය යොමු වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.
ඒ අනුව සංචාරක ක්ෂේත්‍ර ඇතුළු එම ක්ෂේත්රවල රැකියාවල නියුතු පුද්ගලයන්ට ණය ගෙවීම් සියල්ල අත්හිටුවීමටත් පොළී සහන ලබා දීමටත් කටයුතු යොදන බව අමාත්‍යවරයා කියා සිටියි.
තවද ව්‍යාපාර ණය මුදල් වලට අමතරව ඔවුන් ලබා ගෙන ඇති පුද්ගලික ණය ඇත්නම් ඒ සදහා සහන ලබාදිමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, කතානයකවරයා කරූ ජයසූරිය, වැඩබලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන යන මහත්වරුන් සමඟ මුදල් (රාජ්‍ය) අමාත්‍යවරයා මල්වතු අස්ගිරි සහ රාමඤ්ඤ නිකායේ මහානාහිමිවරු බැහැදැකීමට පැමිණි අවස්ථාවේ දීය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]