ප්‍රමුඛ පුවත 1

අත්අඩංගුවට ගත් සහරාන්ගේ සමීපතමයින් දෙදෙනා රිමාන්ඩ්

තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ සමීප සබදතා පැවැත්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් මුස්ලිම් විද්‍යාල දෙකක විදුහල්පතිවරයා සහ වැඩබලන විදුහල්පතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරුවන් අද කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කීරීමෙන් අනතුරුව ලබන 28 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

හෙරොව්පතාන, වීරචෝලේ පත්තෑව ප්‍රදේශයේ පසුගියදා සිදුකළ වැටලීමකදී පොලිස් විශේෂ කාර්ය බලකාය නිළධාරින් විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් දෙදෙනා හට තවුහිද් ජමාත් සංවිධානයේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් මනා දැනුමක් ඇති බවට සිදුකළ මුලික විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

‍සහරාන් හෂීම් සහ මොහොමඩ් ඊබ්‍රහිම් අන්සාර් යන පුද්ගලයින් දෙදෙනා විසින් අදාල ප්‍රදේශයේ තවුහිද් ජමාත් පල්ලි ගොඩනගා සැකකරුවන් දෙදෙනාට භාර දී ඇති බවද විමර්ශන වලින් අනවරණය වී තිබුණි.

 

Related posts

ගත වූ පැය 24 තුල බිමත් රියදුරන් 274 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අවුරුද්දට ගම් බිම් බලා යන්න විශේෂ බස් රථ සහ දුම්රිය සේවා අදත්

Mohamed Dilsad

සයින්දමර්දු ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු දුන් පුද්ගලයාට ලක්ෂ 50ක මුදල් ත්‍යාගයක්

Mohamed Dilsad

Leave a Comment