ප්‍රමුඛ පුවත 1

ආනයනික ලොකු ළූණු සඳහා පනවා ඇති බද්ද රුපියල් 20කින් ඉහළට

(UTV| කොළඹ) – ආනයනික ලොකු ළූණු සඳහා පවවා ඇති බද්ද රුපියල් 20කින්  ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම ග්‍රාමීය  ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය  පී හැරිසන් මහතා පැවැසීය.

අනුරාධපුර බටහිර ආසනයේ සිදුකරනු ලබන “සංවර්ධන ව්‍යාපෘති සියයක්” වැඩසටහන යටතේ මධ්‍යම නුවර ගම්පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මහබුලන්කුලම අබලන්වගිය කලා යෝධ ඇල හි ප්‍රතිසංස්කරණ කටයුතු අරඹමින් අමාත්‍යවරයා මේ බව කීය.

ඒ අනුව ආනයනික ලොකු ළුණු කිලෝ ග්‍රෑමයක් සඳහා බද්ද රුපියල් 20ක් දක්වා ඉහළ නංවා ඇති බවත් එහි ගැසට් පත්‍රය ලඟදීම නිකුත්වීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.” ඒ අනුව ආනයනික බද්ද රුපියල් 40ක් වනු ඇත..එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා , අපි සාමාන්‍යයෙන් වෙනදා කරන්නේ  ලොකු ළුණු   අස්වැන්න නෙලන කාලයට  ලොකු ළුණු   ආනයනික බද්දක් දානවා. නමුත් වෙළෙන්දා ඊට කලින් ලොකු ළුණු   ආනයනය කරලා ගබඩා කරනවා. ඊට පස්සේ බදුදාලා වැඩක් නෑ.. අපි තීරණය කලා මෙරට ගොවියා  ලොකු ළුණු   වගාව පටන් ගන්නකොට බද්ද ගැසට් කරන්න එහෙම කලාම දේශීය අස්වැන්න කුණු කොල්ලයට දෙන්න වෙන්නේ නෑ.  ලොකු ළුණු   ගබඩා කරලා තියාගන්න පුලුවන් මාස 03ක පමණ කාලයක් විතරයි ඊට වඩා කාලයක් තියාගන්න බෑ”

ගොවින් වගා කරන   ලොකු ළුණු  ප්‍රමාණය මෙන්ම ආනයනය කරන ප්‍රමාණය පිළිබද රටේ මේ වනතෙක් සටහන් නෑ.. මම යෝජනා කලා කෘෂි කර්ම අමාත්‍යාංශය ,දෙපාර්තමේන්තුව ඇතුලු රාජ්‍ය ආයතන කිහිපයක් එක්වෙලා රටේ කෘෂි නිෂ්පාදනය මෙන්ම කෘෂි බෝග ආනයනය පිළිබදව දත්ත වාර්ථාවක් හදන්න දැන් මේ වන විට රටට අවශ්‍ය බෝග මොනවද ආනයනය කලයුක්තේ මොනවද ආනනයට පෙර රටේම මෙම බෝග නිෂ්පාදනය කරන්න පුලුවන්ද කියලා හොයලා බලන්න පුලුවන් දත්ත ගබඩාවක් අපි හදනවා යැයි වැඩිදුරටත් සදහන් කලේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගල්කිස්සේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට..

Mohamed Dilsad

ලක්ෂ 10ක කේරළ ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවේ.

Mohamed Dilsad

මාතරට නව ජර්මානු කාර්මික තාක්ෂණික ආයතනයක්…

Mohamed Dilsad

Leave a Comment