ප්‍රමුඛ පුවත 1

චීන ආරක්ෂක අමාත්‍යවරයා දිවයිනට

(උදයම්,කොළඹ)  – තුන්දින නිල සංචාරයක් සඳහා චීන ආරක්ෂක අමාත්‍ය චෑන් වෑන්කුවන් මහතා  අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිනී මට නියමිතයි.

චීන මහජන විමුක්ති හමුදාවේ ජනරාල්වරයෙකු වන ඔහු දිවයිනට පැමිණෙන්නේ 19 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් සමග බව වාර්තාවේ.

චීන ගොඩබිම් සහ මුහුදු සේද මාර්ගවල ආරක්ෂක කටයුතු පිළිබඳව ඇගයීමක් සිදුකිරීමේ අරමුණෙන් මීට පෙර මෙම නියෝජිත පිරිස නේපාලය සහ බංග්ලාදේශයේද සංචාරයක නිරතවුණි.

දිවයිනට පැමිණෙන චීන ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුලූ රජයේ නියෝජිතයන් මුණගැසීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර මෙන්ම කලාපීය ආරක්ෂක කටයුතු පිළිබඳව ඔහු මෙරට බලධාරීන් සමග සාකච්ඡා කරනු ඇත.

Related posts

පොලිස්පති අද (07) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව හමුවට..

Mohamed Dilsad

හෙද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දෙවන දිනයටත්

Mohamed Dilsad

දකුණු පළාතේ වෛද්‍යවරු වැඩවරති

Mohamed Dilsad

Leave a Comment