ප්‍රමුඛ පුවත 1

ත්‍රිකුණාමලයේ තවත් ඩෙංගු මරණයක්,රෝග මර්ධනයට සහයකයින් 100 දෙනෙකු අද සිට

(උදයම්,ත්‍රිකුණාමලය)  – ඩෙංගු වැළඳීමෙන් ත්‍රිකුණාමලය,පල්ලෙකොට්ටෙයි ප්‍රදේශයේ 29 හැවිරිදි ගැබිණි මාතාවක්ද ඊයේ මිය ගොස් තිබේ.

මේ අතර කින්නියා ප්‍රදේශයේ මදුරු මර්දනය සඳහා තෝරාගත් ඩෙංගු මදුරු මර්දන සහයකයින් 100 දෙනෙකු අද සිට යෙදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන කටයුතු සඳහා බඳවාගත් සහයකයින් 500 දෙනෙකුගෙන් තෝරාගත් පිරිසක් මෙලෙස පුහුණුවෙන් පසු අද දිනයේ කින්නියා ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් මේ වනවිට ඩෙංගු වැළඳීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Related posts

අර්බුද මැද පාර්ලිමේන්තුව අදත් පස්වරු 1ට රැස්වේ

Mohamed Dilsad

ඉන්දියාවෙන් රියදුරන් ගෙන්වන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

බාලවයස්කරුවෙකු පැදවූ මෝටර් රථයට දරුවන් දෙදෙනෙකු බිලි වෙයි

Mohamed Dilsad

Leave a Comment