ප්‍රමුඛ පුවත 1

සමෘද්ධි නිලධාරීන් විපක්‍ෂ නායකවරයා හමුවෙයි

(UTV| කොළඹ) –  සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිශ්පාදන සහකාර නිලධාරී සංගමයේ නියෝජිතයින් ඊයේ (21) පස්වරුවේ විජේරාම නිල නිවසේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා  හමුවි තිබේ.

සමෘද්ධි නිලධාරීන් හා කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ ගැටළු පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් විය.

සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කළේ හා තම නිලධාරීන්ට විශ්‍රාම වැටුපක් ලබා දී තම සේවාව ඇගයීමට ලක් වුණේ ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ රජයෙන් බව මෙහිදී සමෘද්ධි නිලධාරීන් හා කෘෂි පර්යේෂණ නිලධාරීන් ස්තුති පූර්වකව සිහිපත් කළ අතර මෙම රජය යටතේ තම විශ්‍රාම වැටුපද අහිමි වී ඇති බව ඔවුන් සඳහන් කළේය.

සමෘද්ධි නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් ගැටළුව ඇතුළු සමෘද්ධි ව්‍යාපාරයේ මතුව ඇති සමස්ථ ගැටළු රජයේ අවධානය යොමු කරවීමට කටයුතු කරන බව පැවසූ ගරු විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මෙම ආණ්ඩුව යටතේ මේවා ලබා ගැනීම සිහිනයක් බැවින් ඉදිරියේදී පත්වන තම රජයක් යටතේ සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කටයුතු කරන බව වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ සමස්ථ ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිශ්පාදන සහකාර නිලධාරී සංගමයේ ලේකම්  හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර විපක්‍ෂ නායක අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහත්වරුන් හා සමස්ථ ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිශ්පාදන සහකාර විධායක සංගමයේ නිලධාරීන් සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගම්බද ජනතාව සජිත් සමඟයි – මනූෂ නානායක්කාර [VIDEO]

Mohamed Dilsad

දකුණේ පැතිය ගිය උණ පාලනය කර ඇති බවට සහතිකයක්

Mohamed Dilsad

ජීප් රථ අනතුරකින් පූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමි 5 ක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment