විදෙස්

ඩැමස්කස් අගනුවර යළි ගැටුම් උග්‍ර අතට

(උදයම්,සිරියාව)  –  සිරියාවේ ඩැමස්කස් අගනුවර යළි ගැටුම් උග්‍ර වෙයි.
ඊයේ පෙරවරුවේ සිට සිරියානු ආරක්ෂක හමුදා කැරළිකරුවන්ගේ ඉලක්ක වෙත දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගතවූ පැය 24 තුළ සිරියානු හමුදා විසින් ගුවන් ප්‍රහාර 30 ක් පමණ එල්ල කර තිබෙනවා.

මෙම ගැටුම්වලින් මියගිය ගණන  නිශ්චිතව සනාථ කර නොමැත.කෙසේවෙතත් පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් මියයන්නට ඇති බව සිරියානු මාධ්‍ය වාර්තා කරයි.

සිරියානු හමුදා ආරම්භ කර ඇති මෙම මෙහෙයුම හේතුවෙන් කැරළිකරුවන් දැඩි පසුබෑමකට ලක්ව ඇති බවද වාර්තාවේ.

Related posts

චීන ටියන්ගොන් පොළොවට කඩා වැටෙයිද?

Mohamed Dilsad

ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කර ගැනීමේ තීරණය අමෙරිකානු ජනාධිපතිවරයා සාධාරණීකරණය කරයි

Mohamed Dilsad

නේපාලයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් ගුවන් යානා කාර්මිකයන් ඇතුළු 18 දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

Leave a Comment