ප්‍රමුඛ පුවත 1

පොලිස්පතිවරයාට එරෙහි පූර්ණ අපරාධ විමර්ශන කඩිනම් කරන්නැයි උපදෙස්

(UTV| කොළඹ) –  පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව පූර්ණ අපරාධ විමර්ශනයක් කඩිනමින් පවත්වන ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබා දෙයි.

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත්කරන ලද විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ අතුරු වාර්තා දෙකක් ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත යොමුකර ඇත.

එම වාර්තා අධ්‍යයනය කර ඇති නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට ලිපි දෙකක් යොමුකර තිබේ.

එම ලිපි වල සඳහන්ව ඇත්තේ, පොලිස්පතිවරයාට එරෙහිව පූර්ණ අපරාධ විමර්ෂනයක් කඩිනමින් සිදුකරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලෙසයි.

එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම්, ජාතික බුද්ධි ප්‍රධානී, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී සහ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යන අයට එරෙහිව පූර්ණ අපරාධ විමර්ශනයක් සිදුකරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට මෙම ලිපිවලින් දන්වා යවා ඇත.

යම් අවස්ථාවක රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව ජාතික පොලිස් කොමිසම හරහා විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා ලෙසද එම ලිපි වල වැඩිදුරටත් සඳහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට ජනපති අත්සන් තබයි

Mohamed Dilsad

කැබිනට් නොවන අමාත්‍යවරු දිවුරුම් දෙති

Mohamed Dilsad

20 බලපෑම ගැන විමල් කියන කතාව

Mohamed Dilsad

Leave a Comment